දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමරිසි විවාහවලට ඔස්ටේ්‍රලියාවෙන් 60% ක් ‘හා‘ කියයි.
Homeප්‍රවෘත්ති

සමරිසි විවාහවලට ඔස්ටේ්‍රලියාවෙන් 60% ක් ‘හා‘ කියයි.

PropellerAds

මේ ‘කැමැත්ත පළ කිරීම’ සඳහා ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 80%ක්ම එක් වී සිටීම ද විශේෂත්වයකි. මේ අනුව ඔස්ටේ්‍රලියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට LGBT ප්...

රනිල් මාලදිවයිනේ කතානායක නෂීඩ්ව ඊජිප්තුවට අරන් ගිය එක පාර්ලිමේන්තුවේදී නලින් එළියට අදී! කාගෙ වියදමෙන්ද ගියේ! සුසිල් යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් දෙයි! (VIDEO)
ආණ්ඩුවේ ඡන්ද කල් දමන කුමන්ත්‍රණයේ ඉත්තෙක්-හවුල්කාරයෙක්-අතකොළුවක් වෙන්න එපා! මුලු විපක්ෂයම හිටපු මැකො මහින්ද ‌දේශප්‍රියගෙන් එකට ඉල්ලයි!
තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට සංගීතාගෙන් CIDය පැය 5ක් ප්‍රශ්න කරයි! ප්‍රියමාලිගේ ෆෝන් එකේ තිබූ වීඩියෝවක් දැක සංගීතාට කටඋත්තර නැතිවෙයි!
සමරිසි විවාහවලට ඔස්ටේ්‍රලියාවෙන් 60% ක් ‘හා‘ කියයි.

මේ ‘කැමැත්ත පළ කිරීම’ සඳහා ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 80%ක්ම එක් වී සිටීම ද විශේෂත්වයකි.

මේ අනුව ඔස්ටේ්‍රලියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට LGBT ප්‍රජාව සිය වෛවාහක සමානාත්මතාවය තහවුරු කර ගැනීමට හැකි වනු ඇත. එනම්, ඉතා සරල අර්ථයෙන් කියන්නේ නම්, සාමාන්‍ය ස්ත්‍රී පුරුෂ විවාහයකදී මෙන් නීතියෙන් විවාහ වීමට අවසර ලැබෙනු ඇත.

මේ වසරේ නත්තලේදී, එනම් මේ වසර අග වන විට මෙම නව තත්වය නීතිගත කරන බවට එහි පාලකයන් ප්‍රතිඥා දී තිබේ.

මෙහිදී සිදුකරන්නේ ඔස්ටේ්‍රලියාවේ විවාහ පනත, සමරිසි යුවළවලට ද අදාළ වන සේ සංශෝධනය කිරීමයි.

ඔස්ටේ්‍රලියාවේ 29 වන අගමැති මැල්කම් ටර්න්බුල් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමේදි ලබාදුන් ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් වූයේ සමරිසි විවාහ නීතිගත කරන බවයි. තවද ඔහු දීර්ඝ කාලයක් මුළුල්ලේ සමරිසි විවාහවලට සිය සහයෝගය ලබාදුන් අයෙකි. “මා ඒ ගැන දරණ අදහස හැම කෙනෙක්ම දන්නවා. දැන් මා අගමැති ව සිටින සමය තුළ සියලු ඔස්ටේ්‍රලියානුවන්ට ඒ අයිතිය ලබාදෙන්නට මා කටයුතු කරනවා..” යැයි ඔහු පවසයි.

මැතිවරණ පොරොන්දු පත්‍රිකාවට මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීමට නොව, ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමටවත් අකමැති, ලංකාවේ ලිබරල් හැඳුනුම්පතින් පෙනී සිටිනා දේශපාලඥයන්ට මැල්කම් ටර්න්බුල් පූර්වාදර්ශ සපයයි.

මේ අතර හිටපු අගමැති ටෝනි ඇබොට් ද මෙසේ ෆේස්බුක් සටහනක් තැබුවේය. “ඔස්ටේ්‍රලියාවේ ජනතාවට තමන් ගැන කියන්නට උවමනා බොහෝ දේ තිබුණා. අද ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ඔවුන් හරි දේ කළ බවයි..”

ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල ඇසීම සඳහාම ඔස්ටේ්‍රලියානුවෝ දහස් ගණනින් කඳවුරු බැඳගෙන සිටියහ. ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් මෙය හැඳින්වූයේ ‘යර්ස් කෑම්ප්’ යනුවෙනි. ක්වන්ටාස් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ජොයිස් ද සිය ජීවන සහකරු ෂේන් ලොයිඩ් සමග ඒ පිරිස අතර සිටියේය.

ප්‍රතිඵල නිවේදනය වී මද වේලාවකින් යර්ස් කඳවුරේ වේදිකාවට නැංගේ හිටපු අගමැති ටෝනි ඇබොට්ගේ සොහොයුරියයි. “අපි අද මෙතැනට ආවේ වචන තුනක් නිසයි. ඒ තමයි, සහ ... යැයි ඇය කීවාය. සිය හෘදයාංගම කතාවේදී ඇය තවදුරටත් කීවේ තරුණ පරම්පරාවක්ම මේ ජයග්‍රහණයෙන් බලගැන්වෙනු ඇති බවයි. “ඔස්ටේ්‍රලියානුවන්ගේ කැමැත්ත ගැන සමීක්ෂණයක් කරන්න අපිට උවමනා වුණේ නෑ. ඒත් අපි ඒකත් කළා. අපි බලන් හිටියා හොඳටම ඇති...”

-අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමරිසි විවාහවලට ඔස්ටේ්‍රලියාවෙන් 60% ක් ‘හා‘ කියයි.
සමරිසි විවාහවලට ඔස්ටේ්‍රලියාවෙන් 60% ක් ‘හා‘ කියයි.
http://ift.tt/2hCMXY3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy