ඔක් 2, 2017 10:15 නලින් දිල්රුක්ෂ වැල්ලෙන් වැසී ගිය නිරන්තර වැලි කුණාටුවෙන් ගහණ තලේමන්නාරම සිට ඉන්දියාවේ දනුෂ්කොඩි දක...
ඔක් 2, 2017 10:15
වැල්ලෙන් වැසී ගිය නිරන්තර වැලි කුණාටුවෙන් ගහණ තලේමන්නාරම සිට ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා විහිදෙන වැලි දූපත් අසිරිය සංචාරක ආකර්ෂණය ඇති සුන්දරම ඉසව්වකි.
දේශීය සංචාරකයන් අතර තාමත් එතරම් ප්‍රකට නැතත් විදෙස් සංචාරකයන් නම් මෙහි නිරන්තර පැමිණෙති. සුන්දරත්වය විඳගනිති.
ලෝකප්‍රසිද්ධ kitesurfing ක්‍රීඩාව සඳහා ලංකාවේ යෝග්‍යතම ස්ථානය මෙම වැලිදුපත් අවට නොගැඹුරු මුහුදු තීරයයි.
තලේමන්නාරමට අමතරව මෙම kitesurfing ක්‍රීඩාව සඳහා ලංකාවේ ඇති අනෙක් ස්ථානය නම් කල්පිටිය මුහුදු තීරයයි.
මෙම ක්‍රීඩාව සඳහාම සංචාරකයන් මේ ඉසව්වට පැමිණෙති.
දවසක හැන්දෑවක මේ වැලි දුපත් හි සිට වැලි කුණාටු මැද හිරු බැස යන ආකාරය දැක ගන්න. එවන් චමත්කාර දර්ශනයක් ඔබේ ජීවිතයේ නොමැකෙන මතක සටහනක් වනු ඇත.
COMMENTS