ඊයේ (16) එම සංවිධානය නිකුත් කළ නිවේදනයට අනුව මේ වනවිට රජය රටේ මුල්‍ය තත්වය වැඩිදියුණු කර ඇති අතර විදේශ සංචිත ශක්තිමත්ව පවත්වාගෙන යාමට ...
ඊයේ (16) එම සංවිධානය නිකුත් කළ නිවේදනයට අනුව මේ වනවිට රජය රටේ මුල්‍ය තත්වය වැඩිදියුණු කර ඇති අතර විදේශ සංචිත ශක්තිමත්ව පවත්වාගෙන යාමට සමත්ව තිබේ.
තරගකාරීත්වය ඉහළ දැමීම, සමාජ ආරක්ෂණ වැඩසටහන් වර්ධනය කිරීම, පෞද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීම හා නව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය යන අංශ කෙරෙහි තවදුරටත් අවධානය යොමු කළයුතු බව ද IMF සංවිධානය අදාල නිවේදනයෙන් අවධාරණය කර සිටී.
රටේ සංවර්ධනය හා මුල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තවදුරටත් සහාය දැක්වීම සඳහා බලාපොරොත්තු වන බවත් ඒ අනුව තුන් අවුරුදු විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) සැපයීමේ වැඩපිළිවෙලේ තෙවන සමාලෝචනය ලබන දෙසැම්බර් මාසයේදී සිදුකිරීමට නියමිතය. අදාල වැඩපිළිවෙලට අනුගත වන ලෙස 2018 අයවැය ලේඛනය ඉදිරිපත් කරනු ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේක්ෂා කරයි.
උපාලි සපරමාදු
COMMENTS