දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
CSN නාළිකාවේ බලපත්‍රය අවලංගු කර වසරයි.
Homeප්‍රවෘත්ති

CSN නාළිකාවේ බලපත්‍රය අවලංගු කර වසරයි.

PropellerAds

ආණ්ඩුව විසින් පදනම් විරහිතව අසත්‍ය චෝදනා යටතේ සී.එස්.එන්. (CSN) රූපවාහිනි නාළිකාවේ බලපත්‍රය අවලංගු කරන ලද බව එම නාළිකා ප්‍රධානී සහ අධ්‍යක...

මහින්ද, පීබී ට මේ සතියේ පිළිතුරු යැවීමට සැරසෙයි !
කොරෝනාවට එන්නතක් එන්න තවත් මාස 05ක් - විද්‍යාඥවරියක් දින දෙයි
කොරෝනා නෑ.. රත්නපුර-පැල්මඩුල්ල නිරෝධායනයට ගෙන ගිය පිරිස් ආපසු එවයි

ආණ්ඩුව විසින් පදනම් විරහිතව අසත්‍ය චෝදනා යටතේ සී.එස්.එන්. (CSN) රූපවාහිනි නාළිකාවේ බලපත්‍රය අවලංගු කරන ලද බව එම නාළිකා ප්‍රධානී සහ අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, සී.එස්.එන්. නාළිකාවේ බලපත්‍රය අවලංගු කර වසරක් පිරීම සිහිකරමින් නිවේදනයක් නිකුත් කරමිනි.

රූපවාහිනි නාළිකාවක් තහනම් කිරීම සඳහා අදාළ රටේ සංස්කෘතියට හානි කිරීම, ආගමික සහ ජාති භේද ඇති කිරීම, රාජ්‍ය විරෝධී ප්‍රචාර නිකුත් කිරීම, අසභ්‍ය දර්ශන ඇතුළත් සහ අසත්‍ය පුවත් ඇතුළත් වැඩසටහන් විකාශය කිරීම සහ අදාළ අංශවල අවසරයක් නොමැතිව විකාශය, පැය විසිහතරකට වැඩි කාලයක් නවතා තිබිය යුතු බව පෙන්වා දෙන වැලිවිට මහතා, ප්‍රකාශ කරනුයේ සී.එස්.එන්. (CSN) නාළිකාව එවැනි වැඩසටහන් විකාශය කර හෝ විකාශය නතර කිරීමක් සිදුකර හෝ නොමැති බවය.

ලිපිනය වෙනස් කිරීම :

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම්වරයා 2016.10.24 දිනැති ලිපිය මඟින් සී.එන්.එස්. නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කරන ලද අතර එහි පරීක්ෂණයක් සිදු කළ බවට සඳහන් කළද අමාත්‍යාංශය විසින් කිසිදු පරීක්ෂණයක් බලපත්‍රය අහෝසි කිරීමට පෙර සිදුකර නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

එම ලිපිය මඟින් චෝදනා තුනක් තම නාළිකාවට දන්වා එවා තිබූ බව සඳහන් කරන වැලිවිට මහතා ප්‍රකාශ කර සිටිනුයේ පළමු චෝදනාව ලෙස ලිපිනය වෙනස් කිරීම දන්වා තිබුණද ඒ පිළිබඳව අමාත්‍යාංශයට ලිඛිතව දන්වා යවන ලද බවයි.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හෝ කොටස් හිමියන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයන්හි සාමාජිකයන් බව දෙවැනි චෝදනාව ලෙස ඉදිරිපත් කළද අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් හෝ කොටස් හිමියන්ගෙන් කිසිදු පුද්ගලයකු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන බව පෙන්වා දෙන වැලිවිට මහතා ප්‍රකාශ කරනුයේ ගිණුම් වාර්තා සියල්ලම අදාළ රාජ්‍ය ආයතනයන්ට නිසි අයුරින් නිසි කලට යවා ඇති බැවින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හට ගිණුම් වාර්තා ලබා නොදීම පිළිබඳව එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බවයි.

මේ තත්ත්වය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වැට බැඳීමක් බවද සී.එස්.එන්. නාළිකාවේ අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: CSN නාළිකාවේ බලපත්‍රය අවලංගු කර වසරයි.
CSN නාළිකාවේ බලපත්‍රය අවලංගු කර වසරයි.
http://ift.tt/2yPPaWE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/csn.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/csn.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy