දේශපාලන සිරකරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් දිගින් දිගටම රජයෙන් කළ ඉල්ලීම් වලට රජය යහපත් ප්‍රතිචාර නොදැක්වීම මෙම පංති වර්ජනයට හේතු වී ඇත. යා...
දේශපාලන සිරකරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් දිගින් දිගටම රජයෙන් කළ ඉල්ලීම් වලට රජය යහපත් ප්‍රතිචාර නොදැක්වීම මෙම පංති වර්ජනයට හේතු වී ඇත. යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල සිසුන් මෙම පංති වර්ජනයට එක් වී සිටින හෙයින් පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට ද විශ්ව විද්‍යාල පාලනාධිකාරියට සිදුව තිබේ.
දේශපාලන සිරකරු ගැටළුව සම්බන්ධයෙන් සතියක් තුළ විසඳුමක් ලබා දෙන බව ජනාධිපතිවරයා විසින් පසුගිය දා ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ලබන 25 වනදා වන විට විසඳුමක් නොලැබුණහොත් පංති වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තුවන බව යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගම් ප්‍රකාශ කර ඇත.
- රංජිත් නිශාන්ත
COMMENTS