දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උදුල් මට්ටු කරන්න බලපිටිය මහේස්ත්‍රාත්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි
Homeප්‍රවෘත්ති

උදුල් මට්ටු කරන්න බලපිටිය මහේස්ත්‍රාත්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි

PropellerAds

ඉහත කී සති අන්ත පුවත්පතේ අනාවරණය මගින් එවකට අම්බලන්ගොඩ මූලික පොලිස් පරීක්ෂකවරයා වු මහින්ද විල්ලෝරාච්චි විසින් මෙම ඝාතනයේ සැකකරුවෙකු වූ දස...

කරූගේ නමට ආණ්ඩුවේ පැත්තෙනුත් කොළ එළියක් …
අගමැති ජනපතිට ලිපියක් යවලා. ඒත් ඉල්ලා අස්වීමක් නෙවෙයි ….
ජනාධිපති ධුරය අහෝසි කරන්න සූදානම් - ජනාධිපති
උදුල් මට්ටු කරන්න බලපිටිය මහේස්ත්‍රාත්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි
ඉහත කී සති අන්ත පුවත්පතේ අනාවරණය මගින් එවකට අම්බලන්ගොඩ මූලික පොලිස් පරීක්ෂකවරයා වු මහින්ද විල්ලෝරාච්චි විසින් මෙම ඝාතනයේ සැකකරුවෙකු වූ දසුන් මානවඩු නැමැත්තා නිල වශයෙන් විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව අධිකරණයට වාර්තා නොකර සිටිමින් සහ ඔහුව නිළ වශයෙන් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් නොකොට නීත්‍යානුකූල නොවන ආකරයට ප්‍රේමසිරි හැලඹගේ පාර්ශවයට අවශ්‍ය ලෙස ඝාතනය කිරීමට පුවත් පත මගින් අනාවරණය කොට තිබිණි. එසේම සි.සී.ටී.වී කැමරාවල හා අනෙකුත් සැක කරුවන්ගේ කටඋත්තරවල ප්‍රේමසිරි හැළඹගේ ඝාතනයට ඉහත කී සැකකරු සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂ්‍ය තිබුනත් වසරක් යන තුරු මහින්ද විල්ලෝරාච්චි විසින් නඩුවෙහි ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකිරීම පිළිබද පුවත්පත මගින් බරපතල ලෙස ප්‍රශ්න කර තිබුණි.
 
එසේම ඉහත කි දසුන් මානවඩු නැමැත්තා වෙනත් නඩුවක ඇප අවලංගු වී මේ කාල සීමාව තුළ බන්ධනාගාර ගතව සිට ඇති අතර ඉහත කී මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින් පොලීසියේ නියෝජිතයෙකු හොර රහසේම දසුන් මානවඩු වෙනුවෙන් ඇප තැබීමට යොදවා ඔහු බන්ධනාගාරයෙන් එළියට ගැනීමට උත්සාහ කොට තිබේ. මෙහිදී දසුන් මානවඩුගේ නීතිඥවරුන් විසින් ඉහත කී බලපිටිය මහේස්ත්‍රාත්වරියට මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කරමින් මේ අයුරින් දසුන් හෝ ඔහුගේ පවුලේ අය කිසිවෙකු දසුන්ට ඇප තැබීමට ඉදිරිපත් කොට නොමැති බවත් නොදන්න පුද්ගලයෙකු දසුන් වෙනුවෙන් ඇප තබා ඇති බවත් එමගින් දසුන්ට ජීවිත තර්ජනයක් ඇති විය හැකි බවත් දිවුරුම් පෙත්සමක් ද සමගින් ඉදිරිපත් කළද, මහේස්ත්‍රාත්වරිය විසින් නීති විරෝධී ලෙස හා පුදුම සහගත ලෙස 'කවුරු හෝ ඇප තියෙනවා නම් හොදයිනේ' යනුවෙන් පවසමින් එම සැකකරුගෙ බිරිඳගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබේ.
 
මේ පිළිබද අදහස් දක්වන නීතිඥයින් පවසන්නේ යම් සැකකුරුවෙකු යම් තැනැත්තෙකුට ඇප තබන්නේ නම් එම ඇපකරුවාගේ මූලික කාර්යය භාර්ය විය යුත්තේ නැවත එම සැකකරුව අවශ්‍ය අවස්ථාවකදී උසාවියට ඉදිරිපත් කිරීම බවත් ඒ සදහා අනිවාර්යෙන්ම ඇප තබන තැනැත්තා සැකකරුව හොදින්ම හදුනන  ඔහු පිළිබද වගකීම් භාරගත හැකි තැනැත්තෙකු විය යුතු බවයි. බරපතල මිනී මැරුම් ගණනාවක සැකකරුවෙකු වෙනුවෙන් ඔහුත් නොදන්නා අයෙකු ස්වේච්ඡාවෙන් ඇප තැබීමක් කරන්නේ නම් එම තැනැත්තා සිහි විකල තැනැත්තෙක් විය යුතුය. මෙහිදී දසුන් මානවඩු වෙනුවෙන් ඔහු නොදන්නා තැනැත්තෙකු ඇප තබා ඇති බව සහ එමගින් ඔහුගේ ජීවිතය තර්ජනයක් ඇති බව මෝසමක් ඉදිරිපත් කොට ප්‍රකාශ කළ විට අපක්ෂපාතී මහේස්ත්‍රාත්වරයෙකු නම් සිදු කළ යුතු වන්නේ වහාම ඒ අයුරින් එම සැකකරුට ඇප තැබීමට කටයුතු කළ තැනැත්තා කවරෙකුද යන්න සොයා බැලීමට විමර්ශනයක් සිදු කිරීමයි .
 
එසේම දසුන් මානවඩු තමුන්ට ඇප තබා පිටව යාම අවශ්‍ය නොවන බව ඉහත කී අයුරින් ප්‍රකාශ කරද්දී ඔහු බලහත්කාරයෙන් බලපිටිය මහේස්ත්‍රාත් උසාවියට ගෙනා පසු ඉහත කී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් විශාල ගණනාවක් අම්බලන්ගොඩ උසාවි භුමිය තුළ රැදෙමින් එදින රාත්‍රී – 7.‍50 වන තුරු රාජකාරී වෙලාව ඉක්මන වී පැය 4 ට වඩා වැඩි කාලයක් තුළ උසාවියේ රැදෙමින් නොදන්නා කෙනෙකු තැබූ ඇපයට අත්සන් කිරීමට බලකොට පිටතට ගැනීමට උත්සාහ කොට තිබේ. මේ අනුව මීට පෙර දින ඇප තබා ඇති රමේෂ් නැමැති පුද්ගලයා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ නියෝජිතයෙකු බව දසුන් මානවඩුගේ පවුලේ අය පවසයි. එසේම ඉහත කී රජින්ද්‍රා ජයසූරිය නැමැති බලපිටිය මහේසත්‍රාතවරියද දසුන්ගේ නිතීඥවරු ඉල්ලීමට අවඥාවෙන් බැහැර කරමින් තමන් විසින් බන්ධනාගාරගත කරන ලද සැකකරු පිළිබද තමන්ට ඇති වගකීම බරපතල ලෙස උල්ලංඝණය කොට ඇති බව නීතිවේදියෝ වැඩදුරටත් පවසති
 
නිතිඥ උදුල් ප්‍රේමරත්න මහතා 2017.10.17 දින ඉහත කී බලපිටිය මහේස්ත්‍රාත්වරිය හමුවේ කරුණු දක්වා ඇත්තේ මේ අයුරින් සැකකරු පිළිබද නීත්‍යණුකූල ලෙස පොලීසිය කටයුතු නොකොට නීත්‍යානුකූල නොව ලෙස ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසිය උත්සාහ දරණ බව පෙනී යන බවයි. එසේම වසරක් ප්‍රමාද වී හෝ මෙම පොලීසියේ හැසිරීම පිළිබද සොයා බලන ලෙස නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී කෝපයට පත් විනිසුරුවරිය ඔහුගේ කරුනු දැක්වීම විනාඩි 05කට සීමා කරන ලෙස පවසා තිබේ. ඒ අයුරින් සැක කරුගේ අයිතිවාසිවාසිකම් වෙනුවෙන් කරුණු දැක්වීමට සීමා කළ හැකිද යන්න උදුල් ප්‍රේමරත්න විමසා සිටි අවස්ථාවේදී අධිකරණයේ ගෞරවයට හානි කරනු ලදැයි චෝදනා කරමින් විනිසුරුවරිය කෝපයෙන් යුතුව අධිකරණයේදී හඩ ගා ඇති අතර නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන ලෙස අධිකරණයේ රෙජිස්ටාර්වරයාට නියෝග කොට තිබේ.
 
ආශිකා බ්‍රාහ්මණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උදුල් මට්ටු කරන්න බලපිටිය මහේස්ත්‍රාත්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි
උදුල් මට්ටු කරන්න බලපිටිය මහේස්ත්‍රාත්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි
http://ift.tt/2lw1pT8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_950.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_950.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy