නව පළාත් පාලන පනත යටතේ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාල මන්ත්‍රීධූර සංඛ්‍යාව ද ගැසට් නිවේදනය හරහා ප්‍රසිද්ධියට පත්කරන බවයි ඇමතිවරයා පවසන්නේ. දැ...
නව පළාත් පාලන පනත යටතේ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාල මන්ත්‍රීධූර සංඛ්‍යාව ද ගැසට් නිවේදනය හරහා ප්‍රසිද්ධියට පත්කරන බවයි ඇමතිවරයා පවසන්නේ. දැනට පවතින මන්ත්‍රීධූර ප්‍රමාණය නව පනතට අනුව 50% කින් පමණ වැඩි කිරීමට නියමිතය.
මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ පිටිය සූදානම්ව තිබියදී ඇමතිවරයා බෝලය අතගාමින් සිටින බවයි. ඒ පිළිබඳව අදහස් දක්වමින්, ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටි බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුතින් පිහිටුවීමට නියමිත පළාත් පාලන ආයතනයට අදාල කටයුතු පිළිබඳව ද ගැසට් නිවේදනය හරහා නිකුත් කරන බවයි ඇමතිවරයා පවසන්නේ.
COMMENTS