නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගේ ඇප තැන්පත් කිරීම අද දහවල් 12.00ට අවසන් විය. වර...
වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කිිරීම සදහා මෙවර ඇප තැන්පත් කිරීමක් සිදු කර නැත.
එනිසා ඒ මහතාට මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි.
ඒ අනුව මෛත‍්‍රිපාල සිරිසේන මහතා නොවැම්බර මස 17 වැනිදා සිය ධුර කාලය අවසන් කරනු ඇත්තේ නව ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනයට අවස්ථාව ලබා දෙමිනි.
මේ අතර ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ‍්‍රීලනිපය මෙවර ජනාධිපතිවරණයට තරග නොකරන බවත් පක්‍ෂය සහාය දෙන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි හෙට දිනයේ ප‍්‍රකාශ කරන බවත්ය.
COMMENTS