මෙම හඬ දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ගම්මාන බොහොමයකටම දැණුන බව අප කල සමීක්ෂණවලදී හෙලිකර ගැනින. ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහරාජ රක්ෂ...
මෙම හඬ දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ගම්මාන බොහොමයකටම දැණුන බව අප කල සමීක්ෂණවලදී හෙලිකර ගැනින. ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහරාජ රක්ෂිත වනාත්තරයට යාබදව පිහිටි ලංකාගම, නෙළුව ගම්වාසීන් ප්‍රකාශකර සිටියේ තමන් රාත්‍රී නිල් පාට දීප්තිමත් එලි කිහිපයක් සමග අධික ශබ්දයක් විහිදුවමින් එලි කිහිපයක් විවිද දිශාවන්වලට ගමන්කරනු දුටු බවයි.
ඔවුන් වැඩිදුරටත් පැවසූවේ එම අධික ශබ්දය තමන්ගේ නිවෙස්වල ජනෙල් වීදුරු පවා දෙදරුම් කමින් ඇසුණු බවයි
මාතර දිස්ත්‍රික්කයේ ද ප්‍රදේශ රැසකජනතාවටද මෙම ශබ්දය ඇසුනු බව සහ ආලෝකය දුටුබව පවසයි. මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය, අකුරැස්ස, ඌරුබොක්ක, කඹුරුපිටිය, පස්ගොඩ, තිහගොඩ, දෙයියන්දර, හක්මණ ආදී ප්‍රදේශවල ජනතාවද මෙම ශබ්දය අත්විද ඇත.මාතර දිස්ත්‍රික්කයේ මුහුද ආශ්‍රිතව ජීවත්වන ජනතාවද මෙම හදිසි ශබ්දය නිසා කලබලයට පත්ව ඇත. මාතර තොටමුන හා දෙවිනුවර ධීවර ජනතාව කියා සිටියේ නිල් පාට දීප්තිමත් එලියක් ඉතා පහතින් අධික වේගයෙන් හා විශාල ශබ්දයක් සමග මුහුද දෙසට ගම්න්කරනු දුටුබවයි.
මෙම ශබ්දය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවලටද ඇසුන බව ආරන්චි මාර්ග සදහන් කරයි
මේ අතර මත්තල ගුවන් ගමන් පාළක මධ්‍යස්ථානය පැවසූවේ එම ශබ්දය ඇසුනු කාල ප්‍රාසය තුල අදාල ප්‍රදේශය තුල කිසිදු ගුවන් යානයක් ගමන්කර නොමැති බවයි.
මේ සම්බන්ධව මාතර ,ගාල්ල යන දිස්තික්කවල ආපදා කළමනාකාර මධ්‍යස්ථාන සීරුවෙන් සිටින බව එහි ප්‍රකාශකයන් සදහන් කර සිටී.
COMMENTS