දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දියවඩන නිළමේට නඩු පවරා, නිලය තහනම් කරන්න ඉල්ලයි.
Homeප්‍රවෘත්ති

දියවඩන නිළමේට නඩු පවරා, නිලය තහනම් කරන්න ඉල්ලයි.

PropellerAds

මියන්මාර් රජය විසින් 2007 වසරේ දී ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනා වෙනුවෙන් රුපියල් මිලියන 262 කට ආසන්න ව්‍යාජ ඉන්වොයිස් වටි...

කොරෝනාවෙන් කද හරහා ඇනගත් සජිත් ගෝල බාල රොත්තම යලිත් අමාරුවේ දමයි
අවුරුද්ද සමරන්න හිතන්න එපා.. එහෙම තත්වයක් නෑ.. කොරෝනා තව මාස කිහිපයක් පවතිනවා
කොරෝනා නැති බව තහවුරුයි.. නිරෝධායනයේ සිටි 350ක් මුදා හැරේ !

මියන්මාර් රජය විසින් 2007 වසරේ දී ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනා වෙනුවෙන් රුපියල් මිලියන 262 කට ආසන්න ව්‍යාජ ඉන්වොයිස් වටිනාකමක් ශ්‍රී ලංකා රේගුවට පෙන්වා එම මුදල මෙරටින් මියන්මාර් දේශයට යවා ඇති බවට තිරසාර සංවර්ධන හා බෞද්ධ කටයුතු ඇමැතිවරයා පත්කළ කමිටුවක් මගින් කළ පරීක්ෂණයකින් තහවුරුවීම මුදල් විසුද්ධිකරණයට සම්බන්ධ බැවින් දියවඩන නිළමේවරයාට එරෙහිව නඩු පවරා ඔහුගේ නිලය තහනම් කරන ලෙස 'සුරකිමු සිරි දළදා' ජාතික ව්‍යාපාරයේ සභාපති ආර්.එස්.පී.බී සේනානායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙත පෙරේදා (24)ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.

එහි පිටපත් ජනාධිපති, අගමැති, තිරසාර සංවර්ධන, වනජීවි හා බෞද්ධ කටයුතු ඇමැතිවරයා, අධිකරණ හා විදේශ කටයුතු ඇමැතිනිය හා නීතීපති වෙතද යොමුකර ඇත.

මහනුවර යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට් හිදී ඊයේ (25) පැවැති මාධ්‍යය හමුවක දී සේනානායක මහතා මෙම තොරතුරු අනාවරණය කළේය. ඉහත සඳහන් ඉන්වොයිස් වටිනාකම පියවා ගැනීමට ශ්‍රී දළදා මාලිගාවේ හෝ රජයේ මුදල් භාවිත කර ඇද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසද ඒ මහතා ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ පැවිදි භාරකාරත්වය හොබවන මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරුන්ට මෙම චෝදනා සම්බන්ධ සොයා බැලීමේ වගකීමක් තිබෙන බවත් මෙම මුදල් දළදා මාලිගාවේ මුදල් නොවන්නේ නම් ඒ කාගේ මුදල් ද යන්න රටට හෙළි කිරීම දියවඩන නිලමේවරයාගේ වගකීම බවත් හෙතෙම කීය. මේ සම්බන්ධව කළ විමසීමක දී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ මියන්මාරයෙන් පරිත්‍යාගයක් ලෙස දළදා මාලිගාවට ලැබුණ ඇතුන් දෙදෙනා වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ අරමුදල්වලින් සතයක් හෝ භාවිත කර නොමැති බවයි.

මෙවැනි පරිත්‍යාගයක් කරන විට එම ත්‍යාගයට වටිනාකමක් මියන්මාරයෙන් ලබාදී තිබෙන බවත් එම ලියකියවිලිවල සඳහන් වටිනාකම ගැන සඳහන් කර මුදල් හුවමාරුවක්වූ බවට සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම සත්‍යය විකෘති කීරීමක් බවත් ඒ මහතා කීය. ලෝකයේ පවතින සයිටීස් නීතියට අනුව රටකින් රටකට සතෙක් විකිණිය නොහැකි බවත් සිදුකළ හැක්කේ පරිත්‍යාගයන් හෝ හුවමාරුවක් පමණක් බවත් කී ඒ මහතා එම නීතිය මගින් සතෙකු මුදලට විකිණිය නොහැකි බව තහවුරු වන බවද අවධාරණය කළේය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දියවඩන නිළමේට නඩු පවරා, නිලය තහනම් කරන්න ඉල්ලයි.
දියවඩන නිළමේට නඩු පවරා, නිලය තහනම් කරන්න ඉල්ලයි.
http://ift.tt/2y3WjTT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_700.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_700.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy