දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමැති සුජීවට එරෙහිව අල්ලස් විමර්ශනයක්
Homeප්‍රවෘත්ති

ඇමැති සුජීවට එරෙහිව අල්ලස් විමර්ශනයක්

PropellerAds

  කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලඹේ ගොවිජනසේවා බල ප්‍රදේශයේ ‘කටකලගහ ඕවිට’ වෙනත් පුද්ගලයකුගේ මුදල්වලින් ම...

රනල ජනධපත ව හට ගන ඩලසගන පතක!
ජනධපතතමන ඝතන තතක අතය සසරණය වන සවදය පරචරයක ම වනවට සමජ ජලවල
බගවනතලව සදධයට ඇමත ජවන අත දමය! ටවම මදදම පලසයට සදද දමය! වහම පලසය අය මර කරනන කයය! VIDEO
ඇමැති සුජීවට එරෙහිව අල්ලස් විමර්ශනයක්

 


කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලඹේ ගොවිජනසේවා බල ප්‍රදේශයේ ‘කටකලගහ ඕවිට’ වෙනත් පුද්ගලයකුගේ මුදල්වලින් මිල දී ගැනීමට කටයුතු කර තිබුණේ සුජීව සේනසිංහ මහතාය. සේනසිංහ මහතා නමින් ඉඩම මිල දී ගත්තත් අදාළ පුද්ගලයාට දිගින් දිටගම මුදල් ගෙවීම පැහැරහැර තිබූ අතර පසුව ඔහුගේ බැගෑපත් ඉල්ලීම මත සේනසිංහ මහතා අදාළ මුදල ගෙවා දැමීමට කටයුතු කර තිබිණි. මිලදී ගත් ඉඩම කුඹුරු ඉඩමක් නොවන බව පෙන්වාදෙමින් එම භූමිය ගොඩකිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා 2013 වසරේ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේයSc (F/R) No 181/2013 යටතේ ගොනුකළ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ 2013.07.27 වන දිනය. තීන්දුව අනුව මෙම ඉඩම වී වගාවට නුසුදුසු බව පෙන්වා දී ඇතත් වගුරුබිම ගොඩකිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී නැත. මෙම ඉඩම කුඹුරු ඉඩමක් නොවන බව තහවුරු කරන ලෙස සුජීව සේනසිංහ මහතා ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාගෙන් කළ ඉල්ලීමට ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා පිළිතුරු යවා තිබුණේ ද කුඹුරු ඉඩමක් නොවන බව තීරණය කළත් මෙම ඉඩමේ කිසිදු ආකාරයේ පස් පිරවීමක් නොකළ යුතුය යන්නය. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවත් ගොවිජන කොමසාරිස්වරයාගේ නිර්දේශයත් නොතැකූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අනවසර හා නීතිවිරෝධී ලෙස කටකලගහ ඕවිට වගුරුබිම පස් පුරවා ගොඩකර දැමුවේය.

වගුරු ඉඩමක් ගොඩකිරීම සඳහා රාජ්‍ය ආයතන ගණනාවකින් නිර්දේශ ලබා ගතයුතු වුවත් සුජීව සේනසිංහ මහතා නීත්‍යානුකූලව කටයුතු කර තිබුණේ නැත. අමාත්‍යවරයාගේ අත්තනෝමතික දූෂිත හා වංචනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රදේශ වාසියකු වන එල්.ඒ.ඩී.එම්. ඉන්ද්‍රසීලී පැමිණිලි කරනු ලැබුවේ 2015 දෙසැම්බර් මස 28 වන දිනය. එම පැමිණිල්ලේ විමර්ශන කටයුතු ආරම්භ කෙරුණේ 2017 සැප්තැම්බර් 04 වන දිනය. එදින පැමිණිකාර ඉන්ද්‍රසීල මහතාගේ සාක්ෂි සටහන් කරගෙන තිබේ. එහිදී රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නවගමුව පොලීසියට කරන ලද පැමිණිලි පිළිබඳවත් පැමිණිලි විභාග කිරීම සඳහා මෙතෙක් පියවර නොගැනීම පිළිබඳවත් ඉන්ද්‍රසීලි මහතා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

අමාත්‍යවරයාගේ ඉඩම ගොඩකිරීම සඳහා රාජ්‍ය දේපළ අවභාවිතකර ඇති බවත්. නිත්‍යානුකූලව රාජ්‍ය ආයතනවලින් ලබා ගත යුතු නිර්දේශ ලබා ගෙන නොමැති බවත් අමාත්‍යවරයා කූඨ ලේඛන හා මුද්‍රා යොදාගෙන ඇති බවත් ඉන්ද්‍රසීලි මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවේ සාක්ෂි දෙමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දයා නෙත්තසිංහ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමැති සුජීවට එරෙහිව අල්ලස් විමර්ශනයක්
ඇමැති සුජීවට එරෙහිව අල්ලස් විමර්ශනයක්
http://ift.tt/2xGJCxr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_58.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_58.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy