කලින් ඇරුණු මල් පෙති අතරින් මුදු සුවඳ සොයා බඹරුන් ඇදුණා රිසිසේ මල් රොන් ගන්නට ඉඩ හැර ගස නිහඬව නිසලව සිටියා ගස බඳ වට කර වැල් එතුනා ...
කලින් ඇරුණු මල් පෙති අතරින්
මුදු සුවඳ සොයා බඹරුන් ඇදුණා
රිසිසේ මල් රොන් ගන්නට ඉඩ හැර
ගස නිහඬව නිසලව සිටියා
ගස බඳ වට කර වැල් එතුනා
නාය ගියපු පස ඈතක නැවතී
අලුත් ගසක මුල් ඵල දැරුවා
ඒ ගස ඉතිඅග පිපුණු කැකුළු මල්
අකලට පරවී බිම වැටුණා
අරටුව පිපිරී ගස වැටුනා
දේවදාර ගස සුළඟට හසුවී
මල් පෙති සුළඟේ පා කෙරුවා
සුළඟට හසුවී ගසාගෙන ගිය පෙති
වැටුනු ගසක අත්තක රැඳුනා
නව දල්ලක් ලියලනු පෙනුනා
COMMENTS