ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කිරීමට සැලසුම් කර...
ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කිරීමට සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අදාළ කරුණ තහවුරු කර සිටියේය. එක්සත් ජාතික පෙරමුණේ මහරගම ආසන සංවිධායක ධුරය ද පාඨලී චම්පික රණවක ඇමැතිවරයාට හිමි වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ කේවල සහ මිශ‍්‍ර ක‍්‍රමයට පැවැත්වීමට නියමිත මේ මැතිවරණයේ දී කිසිදු පක්ෂයකට අතිබහුතරයක් ලබා ගැනීමට හැකියාව නොලැබෙනු ඇති බවයි. එම නිසා අනිවාර්යයෙන්ම පක්ෂ සමඟ එක්ව බලය පිහිටුවීමට සිදු වනු ඇති බවත්, එම නිසා මේ ක‍්‍රමය දිගට පවත්වාගෙන යාමේ ගැටලූවක් මතු වනු ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට මේ පළාත් පාලන මැතිවරණයේ දී සාපේක්ෂව යම් ජයග‍්‍රහණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබුණ ද, එය බහුතරයක් නොවනු ඇති බව ද පැවසූ ඇමැතිවරයා, එම නිසා අස්ථාවර තත්ත්වයක් යටතේ බලය පිහිටුවීමට සිදු වන බව ද සඳහන් කළේය. පළාත් සභා මැතිවරණයට මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට ද මේ ක‍්‍රමය ආදේශ කිරීමේ උත්සාහයක් පැවතුණද, මේ තත්ත්වය යටතේ ඒ ගැන නැවත සිතා බැලිය යුතුව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කර සිටියේය.
එක්සත් ජාතික පෙරමුණේ කෝටා ක්‍රමය මේ සතියේ
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පෙරමුණෙන් තරග කිරීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ සඳහා ලබා දෙන කෝටා ප්‍රමාණය මේ සතිය අග වනවිට ප්‍රකාශයට පත් කරන බව සිරිකොත එජාප මූලස්ථාන ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය සඳහා එජාපයෙන් ඉදිරිපත් කිරීමට නියමිත අපේක්ෂක ලැයිස්තු මේ වන විට සකස් කර අවසන් වී ඇති අතර ඒ සඳහා පක්ෂයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS