පක්ෂ නායක, චීන ජනාධිපති ෂී ජින්පින් එහිදී ප්‍රධාන නියෝජිතයින් 2000 කට වැඩි පිරිසක් අමතනු ඇත. සෑම වසර පහකට වරක් පවත්වන මෙම සංවෘත රැස්වී...
පක්ෂ නායක, චීන ජනාධිපති ෂී ජින්පින් එහිදී ප්‍රධාන නියෝජිතයින් 2000 කට වැඩි පිරිසක් අමතනු ඇත.
සෑම වසර පහකට වරක් පවත්වන මෙම සංවෘත රැස්වීම, චීනය පාලනය කරන්නේ කවුරුන්ද සහ ඊළඟ වාරය සඳහා රටෙහි දිශානතිය කුමක්ද යන්න තීරණය කරන හෙයින් මුළු ලෝකයම මේ දෙස විමසිල්ලෙන් බලා සිටියි.
2012 දී බලයට පත් ෂී ජින් පින් මෙහිදී නැවත වරක් බලය තහවුරු කර ඇති අතර පක්ෂයේ ප්‍රධානියා තවදුරටත් ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
ඊළඟ වසර පහ තුළ චීනයේ ගමන් මග තීරණය කරන මෙම සම්මේලනය, ලබන සතිය අවසන් වීමට නියමිතය.
සම්මේලනය අවසන්වීමෙන් පසු , චීනයේ ඉහළම තීරණ ගැනීමේ සංවිධානය වන පොලිට්බියුරො ස්ථාවර කමිටුවේ (Politburo Standing Committee) නව සාමාජිකයන් එළිදැක්වීමට ද පක්ෂය අපේක්ෂා කරයි.
පසුගිය වකවානුවේදී චීනය අත් කරගත් ජයග්‍රහණයෙන් පිලිබඳව ලැයිස්තුගත කරමින් තම කතාව ඇරැඹූ ෂී ජින් පින් පවසා සිටියේ චීන ලක්ෂණ සහිත සමාජවාදය "නව යුගයකට" ඇතුල් වී ඇති බවයි.
"අපගේ ජනතාව සමඟ අපගේ ඉරණම බෙදාහදා ගැනීමට , සැමවිටම ජනතාවගේ සිත් තුළ යහපත් ජීවිතයක් තබා ගැනීමට " කටයුතු කරන මෙන් ඔහු පක්ෂ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
- ඡවිනි අභයසිංහ.
COMMENTS