උතුරු පළාතේ වැසියන්ගේ නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා ජනතාව පන්දහසකට අධික ප්‍රමාණයක් රැස්ව ස...
උතුරු පළාතේ වැසියන්ගේ නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා ජනතාව පන්දහසකට අධික ප්‍රමාණයක් රැස්ව සිටි බව වාර්තා වේ.
මෙයට සමගාමීව උතුරේ වැසියන්ට ඉඩම් බලපත්‍ර 5000 ක් බෙදා දීම ආරම්භ කෙරුණු අතර එය සංකේතවත් කරමින් ජනාධිපතිවරයාගේ අතින් කිහිප දෙනෙකුට බලපත්‍ර ලබාදීම ද සිදු විය.
මෙම අවස්ථාව සඳහා ඇමතිවරුන්, රාජ්‍ය නිළධාරීන් රැසක් එක්ව සිටින අතර දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු එක්ව සිටීම ද විශේෂත්වයකි.
සේයා රූ - ධනන්ජය සෙනෙවිරත්න
COMMENTS