එම පැමිණිල්ලෙහි සඳහන් වන ආකාරයට රාජ්‍ය ආයතනයක් වන කන්තලේ සීනි සමාගමෙහි අබලි ද්‍රව්‍ය විකිණීම සඳහා මීට මාස 5කට පමණ පෙර ටෙන්ඩර් කැඳවා ඇත...
එම පැමිණිල්ලෙහි සඳහන් වන ආකාරයට රාජ්‍ය ආයතනයක් වන කන්තලේ සීනි සමාගමෙහි අබලි ද්‍රව්‍ය විකිණීම සඳහා මීට මාස 5කට පමණ පෙර ටෙන්ඩර් කැඳවා ඇති අතර එහි දී ලැබුණු ඉහළම ලන්සුව රුපියල් මිලියන 540කි. එහෙත් අදාල සමාගම මුදල නොගෙවූ හෙයින් ඊට අදාල ටෙන්ඩර් පටිපාටියට අනුව කටයුතු කෙරෙමින් පවතිද්දී සුගත් වැලිවිට නම් කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු WP - CAW 0330 දරණ ජීප් රථයෙන් ද තවත් පිරිසක් WP - KG 9966 දරණ වෑන් රථයෙන් ද ඊයේ (10) දින කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වී තිබේ.
සීනි කර්මාන්ත ශාලාවට කිසිසේත්ම අදාල නොවන පුද්ගලයින් පිරිසක් මෙසේ එම පරිශ්‍රයට ඇතුළුවීම දැඩි ලෙස සැක සහිත බැවින් සහ කර්මාන්ත ශාලා භූමියෙහි මිලියන 540කට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ පවතින බැවින් මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත් අදාල ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයන ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ ඉල්ලා සිටී.
මෙම පැමිණිල්ලෙහි විත්තිකරුවන් ලෙස ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස්වරයා නම් කොට තිබේ.
COMMENTS