අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පසුගියදා පැවති සාකච්චාවේදී එකඟ වූ ආකාරයට තම වැටුප් ගැටළු විසඳීමට මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති නිසා මෙසේ ව...
අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පසුගියදා පැවති සාකච්චාවේදී එකඟ වූ ආකාරයට තම වැටුප් ගැටළු විසඳීමට මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති නිසා මෙසේ වැඩ වර්ජනයකට යාමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමය පවසයි.
ඒ අනුව, හෙට දිනය වන විට තම ගැටළු සඳහා විසඳුමක් ලබා නොදුනහොත් දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩ වර්ජනය කරනු ඇති බව එම සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
පසුගිය 11 වනදා පස්වරුවේ සිට 12 වනදා පස්වරුව දක්වා ක්‍රියාත්මක වුණු දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවකට පත් වූ අයුරු දැකගත හැකි විය.
- රංජිත් නිශාන්ත
COMMENTS