දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'හමුදාව අපරාධ කළා' - බැසිල්
Homeප්‍රවෘත්ති

'හමුදාව අපරාධ කළා' - බැසිල්

PropellerAds

දෙමළ බෙදුම්වාදී යුද්ධය අතරතුර සහ ඉන්පසුව සිය ජනාධිපති සොහොයුරාගේ අණදීම යටතේ ආරක්ෂක හමුදාවන් අපරාධ සිදුකළ බව පිළිගනිමින් ශ්‍රී ලංකාවේ හිටප...

තොණ්ඩමන්ගේ අභාවය නිරෝධායන නීති විශාල වශයෙන් කඩයි.. අවමගුල් රාජ්‍ය උත්සවයත් ඇදිරි නීතිය කඩමින්.. අගමැතිටත් චෝදනා !
ජනප‍්‍රිය නළුවෙකුගේ පුත‍්‍රයා මත්කුඩු සමග අත්අඩංගුවේ !
රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියට අමාරුයි - නවීන්ද සොයිසා

දෙමළ බෙදුම්වාදී යුද්ධය අතරතුර සහ ඉන්පසුව සිය ජනාධිපති සොහොයුරාගේ අණදීම යටතේ ආරක්ෂක හමුදාවන් අපරාධ සිදුකළ බව පිළිගනිමින් ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය ඉරිදා යාපනයේ පුවත්පත්කලාවේදීන් කම්පනයට පත්වන ප්‍රකාශයක් සිදුකළේය.

2009 මැයි මස යුද්ධය අවසන් වූ පසුවත් හමුදාවන් දිගින් දිගටම නීතිය උල්ලංඝනය කළ බව බැසිල් යාපනය මාධ්‍ය සංගමය අමතා ප්‍රකාශ කළේය. පසුගිය යුද කලාපය තුළ ආරක්ෂක හමුදා අපරාධ සිදුකළ බවට රාජපක්ෂ පරිපාලනයේ ප්‍රබලයකු පිළිගත් පළමු අවස්ථාව මෙයයි.

මොහුගේ මෙම ප්‍රකාශය සීමාව ඉක්මවා ක්‍රියා කළ පුද්ගලයන් සිටින්නට ඇති බවත් ශ්‍රී ලංකා හමුදාවන්ගේ කීර්තිනාමය ආරක්ෂා කරගැනීම සඳහා එවැනි අය පිළිබඳ විමර්ශනය කොට ඔවුන්ට දඬුවම් ලබාදිය යුතු බවටත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ චෝදනා තහවුරු කරයි.

අපරාධ අධිකරණයක් ඉදිරියේ සාක්ෂිදීමට සිය කැමැත්ත පළකිරීම ඇතුළුව ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කළ ප්‍රකාශය පිළිබඳව බැසිල් රාජපක්ෂගේ මතය විමසූ විට ඔහු අදහස් පළ කිරීමට අදිමදි කළද අවසානයේදී ආරක්ෂක හමුදා “අපරාධ” සිදුකළ බව පිළිගත්තේය.

“අපගේ හමුදා යුද අපරාධ සිදුකළැයි මා සිතන්නේ නෑ. නමුත් යම් යම් පුද්ගලයන් කරන්නට ඇති. මේවා යුද අපරාධ නොවේ. අපට මේවා අපරාධ යැයි කිව හැකියි.” සිංහල දෙමළ පරිවර්තකයා බැහැර කරමින් ඔහු ඉංග්‍රීසි බසට මාරුවෙමින් කියා සිටියේය.

එසේ වූවද තමා ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ ප්‍රකාශය පිළිබඳ සතුටු නොවන බව ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේය. “එම අවස්ථාවේ ආරක්ෂක හමුදාවන්ට නායකත්වය දුන් පුද්ගලයා මෙවැනි ප්‍රකාශ නොකළ යුතුයි.”

ෆොන්සේකා විසින් දෙමළ විමුක්ති කොටි සංවිධානය පොඩි පට්ටම් කොට දශක ගණනාවක බෙදුම්වාදී යුද්ධය නිමා වූ බව ප්‍රකාශ කළවිට බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරන් ඔහුව හැඳින්වූයේ ලොව හොඳම හමුදාපතිවරයා ලෙසය.

කෙසේ වෙතත් ඔව්හු ඒ වහාම මෙම විශ්මයජනක යුදමය ජයග්‍රහණ‍ෙයහි ගෞරවය හා කීර්තිය කවර අයකු ලබාගත යුතු ද යන්න පිළිබඳව පොරට වැටුණාහ.

ඊයේ යාපනයේදී බැසිල් රාජපක්ෂ මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) කැඩී වෙන්ව ගිය කොටසක් වන සිය නව පක්ෂය, එනම් ශ්‍රී ලංකා පොදුජන පක්ෂය (SLPP), යාපනයේ හමුදාවන් අත්පත්කරගෙන සිටින සියලු පෞද්ගලික ඉඩම් සියල්ලම නැවත එහි උරුමකාර ජනතාවට ලබාදීම කෙරෙහි සහය පළකරන බැව් පැවසීය.

තවද එම හමුදාව අත්පත් කරගෙන ඇති ඉඩම් හා දේපළ ද්‍රවිඩ හිමිකරුවන්ට නැවත ලබාදෙනු පමණක් නොව, මුලින් ඉඩම් දේපළ නොමැතිව සිටිනා ජනතාවට ද රජයේ ඉඩම් ලබාදිය යුතු බව ප්‍රකාශ කරමින් සිය සොහොයුරාහට සහය පළකරන ජාතිකවාදී කණ්ඩායම්වල මතයට හාත්පසින්ම තියුණුව වෙනස්වන ස්ථාවරයක් ගත්තේය.

ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය (SLPP) කලින් යුද්ධය පැවැති කාලය තුළ හමුදාව අත්පත්කරගත් පෞද්ගලික ඉඩම්වල යුදමය ආධිපත්‍ය තබාගත යුතුය යන ස්ථාවරයේ පිහිටියේය.

ඒ මහතා බැසිල් රාජපක්ෂ මහතා යුද්ධය පැවැති කාලය තුළ හා ඉන් පසුව අතුරුදන් කරණ ලද ජනතාවගේ ගැටලුව ‘මානුෂික’ ආකාරයට විසඳාලිය යුතු බව ද ප්‍රකාශ කළ අතර ඉක්මන් විසඳුමක් ඒ සඳහා හැකි පළමු අවස්ථාවේදීම ලබාදිය යුතු බව ද පැවැසීය. එය විසඳිය යුතු ප්‍රශ්නයකි. ගැටලුවකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'හමුදාව අපරාධ කළා' - බැසිල්
'හමුදාව අපරාධ කළා' - බැසිල්
http://ift.tt/2g6RHBi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy