දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශ්වය සොළවමින් -රත්තරන් විදිමින් - තාරුකා දෙකක් හැප්පෙයි.
Homeප්‍රවෘත්ති

විශ්වය සොළවමින් -රත්තරන් විදිමින් - තාරුකා දෙකක් හැප්පෙයි.

PropellerAds

මෙම තාරුකා දෙක අති දැවැන්ත දීප්ත වස්තූන් වු බවත් ඒ එකක විශ්කම්භය, නොඓසේ නම් පළල සැතපුම් 12 ක් බැගින් වූ බවත් නාසා ආයතනය සනාථ කරයි. පිපිරී...

සරත්ට හුරේ දැමූ ආනන්ද විදුහල්පති ට ලෙඩක් !
“අපිට වැරදුණා... තනියම ඉල්ලන්න තිබුණේ” – දයාසිරි ජයසේකර
නැවතත් රට ලොක්ඩවුන් කරනවාද ?
විශ්වය සොළවමින් -රත්තරන් විදිමින් - තාරුකා දෙකක් හැප්පෙයි.

මෙම තාරුකා දෙක අති දැවැන්ත දීප්ත වස්තූන් වු බවත් ඒ එකක විශ්කම්භය, නොඓසේ නම් පළල සැතපුම් 12 ක් බැගින් වූ බවත් නාසා ආයතනය සනාථ කරයි. පිපිරීමට පෙර ඒවා ප්‍රසාරණය වී ඉන්පසු දඟර ගැසී අවසානයේ අති වේගයෙන් එකිනෙකා වෙත ඇදී ගොස් හැප්පී පුපුරා ගොස් තිබේ.

එහිදී පොකුණකට ගලක් විසි කළ විට තරංග ගමන් කරන්නාක් මෙන් සකල විශ්වය පුරාම ආලෝකයේ වේගයෙන් ගුරුත්වාකර්ෂණ තරංග පැතිර ගොස් ඇත. මෙම සංසිද්ධිය ග්‍රහණය කර ගනු ලැබුවේ ඇමරිකාවේ ලුසියානා සහ වොෂින්ටන් යන ජනපදවල ස්ථානගත කර තිබෙන සහ ලේස්ර් තාක්ෂණයෙන් ක්‍රියාකරන ‘ලීගෝ’ නමැති අධිබල දුරේක්ෂ ද්විත්වයක් මගිනි. පෘථිවියේ පාරභෞතිකත්වයට මෙම තරංගවලින් සිදුවිය හැකි බලපෑම පිළිබඳ වැඩිදුර අධ්‍යයනයන් සිදුකළ යුතුය.

2015 සැප්තැම්බරයේදී ද මේ අන්දමින්ම ගුරුත්වාකර්ණ තරංග පැතිරයාමක් පිළිබඳ අනාරවණය වූයේ වසර 100කට පෙර ඇල්බට් අයින්ස්ටයින් විසින් කළ පෙරැයීමක් සනාථ කරමිනි.

ලීගෝ හි අනාවරණයෙන් හරියටම තත්පර 2කට පසු මෙම නියුට්‍රෝන තාරුකා ඝට්ටනය හේතුවෙන් ගැමා කිරණ ධාරාවක් ද නිකුත් වී ඇති අතර එය නාසා ආයතනයට අයත් ෆර්මි අජටාකාශ දුරේක්ෂය විසින් ග්‍රහණය කරගෙන තිබේ. 

අධි ඝනත්ව තාරුකා දෙකේ සිදුවූ මෙම ඝට්ටනය කෙතරම් ප්‍රබල එකක්දැයි පවසන්නේ නම් යුරේනියම් සහ රත්තරන් අංශු එහි පිපිරීමක් ලෙසින් විශාල ස්කන්ධ ලෙස අවකාශය තුළ විසිරී යාම ද සිදුවිය. නමුත් මෙයින් සිදුවූ වැදගත්ම බලපෑම වශයෙන් සැලකෙන්නේ විශ්වයේ විචිත්‍රත්වයට එයින් සිදුවන බලපෑමයි. ඒ අනුව ස්පේස් ටයිම් හෙවත් අභ්‍යවකාශ කාලයට බාධාවීමක් මෙමගින් සිදුවන්නට ඇත. මෙම ඝට්ටනය නිසා ගුරුත්වාකර්ෂණ තරංග උත්පාදනය වීම සිදුවූ අතර, තාරුකා විද්‍යාඥයන්ට අනුව මුළු සෞරග්‍රහ මණ්ඩලය සැලකූ විට එය මෙයට සමාන තත්වයකට මුහුණ දී ඇත්තේ වසර බිලියන ගණනක ඉතිහාසය තුළ පස්වැනි වතාවට ය.

මෙවැනි ‘තාරුකා හැප්පිලි’ නිසා විමෝචනය වන විකිරණය සහ ආලෝකය ‘කිලිනෝවා’ යනුවෙන් හඳුන්වයි. සාමාන්‍යයෙන් මෙවැනි තාරුකා ගැටුමකදී විමෝචනය වන භෞතික ස්කන්ධයක තේ හැන්දක ප්‍රමාණයක් පෘථිවිය මතදී ටොන් බිලියන ගණනාවක් විය හැකිය.

තාරුකා විද්‍යාඥයන්ට සහ පාරභෞතික විද්‍යාඥයන් මේ පිළිබඳ පවසන්නේ, “ඉදිරි වසර ගණනාවක් යන තෙක් මෙහි බලපෑම් කතා කිරීමටත් වටහා ගැනීමට උත්සාහ කරන්නටත් අපට සිදුවේවි” යනුවෙනි. 

-අමාලි ජයවීර

නියුට්‍රෝන තාරුකා දෙකක් හැප්පීමේදී සිදුවන දේ 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශ්වය සොළවමින් -රත්තරන් විදිමින් - තාරුකා දෙකක් හැප්පෙයි.
විශ්වය සොළවමින් -රත්තරන් විදිමින් - තාරුකා දෙකක් හැප්පෙයි.
http://ift.tt/2gMdS0d
https://i.ytimg.com/vi/dhS77N0tyEA/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_206.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_206.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy