ජනතාව සීනි පරිභෝජනයෙන් මුදවා ගැනීම සඳහා පැණි බීම වල ග්‍රෑම් 6ට වඩා සිනි ඇත්නම් එම සෑම සීනි ග්‍රෑමයක් සඳහාම රුපියලක බද්දක් අයකරන බව සෞඛ්‍ය...
ජනතාව සීනි පරිභෝජනයෙන් මුදවා ගැනීම සඳහා පැණි බීම වල ග්‍රෑම් 6ට වඩා සිනි ඇත්නම් එම සෑම සීනි ග්‍රෑමයක් සඳහාම රුපියලක බද්දක් අයකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
“සියලුම පැණිබීම වර්ගවලට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. එහි අරමුණ වුණේ ජනතාවගේ සීනි පරිභෝජනය අවම කර ගැනීම. රෝහල්වල මියයන පුද්ගලයින්ගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්.ඉදිරියේ දී සීනි පරිභෝජනය අවම කිරීම සදහා පැණිබීම වර්ග වල ග්‍රෑම් 6 ට වඩා සීනි ඇත්නම් සෑම ග්‍රෑමයකටම රුපියලක බද්දක් අය කරනවා. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිව තිබෙනවා” යනුවෙන් පැවසීය.
COMMENTS