දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැමියාට දර දිය අදින ඉන්දියාවේ ‘ජල අඹුවෝ‘
Homeප්‍රවෘත්ති

සැමියාට දර දිය අදින ඉන්දියාවේ ‘ජල අඹුවෝ‘

PropellerAds

ඉන්දියාවේ ජල අඹුවන් ගැන දුක්බර කථාව, ලෝකයට කියා පානුයේ ගැහැණියගේ ජීවිත ඉරණම, කාගේ හෝ අතින් විසදෙන්නට පටන්ගත් විට ඔවුන්ට අත්වන ඉරණමේ ඛේදවා...

ආර්යා සිහිනය බොදවෙයි.. සජිත් ජනාධිපති අපේක්‍ෂක කරන්න තීන්දුවක් නෑ - රවි කරුණානායක
රට ගොඩගන්න පුළුවන් අර්ජුන් මහේන්ද‍්‍රන්ට විතරයි - අගමැති රනිල් කියලා
කලබල අස්සේ කතානායක හොරගොල්ල සමාධියේ PhotoShoot - ජනාධිපතිවරණයට සැරසෙයි
සැමියාට දර දිය අදින ඉන්දියාවේ ‘ජල අඹුවෝ‘

ඉන්දියාවේ ජල අඹුවන් ගැන දුක්බර කථාව, ලෝකයට කියා පානුයේ ගැහැණියගේ ජීවිත ඉරණම, කාගේ හෝ අතින් විසදෙන්නට පටන්ගත් විට ඔවුන්ට අත්වන ඉරණමේ ඛේදවාචකයයි.

කර්කශ භූමියක් මත දුක්බර මිනිසුන් පටවාගෙන සිටින ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෝ බොහෝමයක් ප්‍රදේශවල ඉරි තැලී ගිය බිම් මත පය ගසා දුරක් ඇවිදීම පවා අතිශය දුෂ්කරය ... සැතපුම් ගණනාවක් එහා කඳු මුදුන් තරණය කරමින් ජලය සොයා යන ගැහැණුන් එහි සුලබ දසුන් මවයි. දෙන්ගන්මාල් යනු මහාරාෂ්ඨයේ කදු මුදුන් මැද සිරවූ වියළි කර්කශ ගම්මානයකි .... වසරේ වැඩි කාලයක් නියඟයට මුහුණ දෙන මෙහි වැසියන් සිය ජල ගැටලුවට විසඳුම් සොයා ගෙන ඇත්තේ අපුරුම ආකාරයකටය ... ඔවුන්ගේ උග්‍ර ජල ගැටළුවට පිළියම කුමක්ද ????

පිළිතුර ජල අඹුවන් ය!

මෙම ගම්මානයේ  බොහෝ පිරිමින්ට භාර්යාවන් දෙදනෙකුට වඩා සිටින අතර ඔවුන් විවාහ කර ගැනීමේ ඒකායන පරමාර්ථය වී ඇත්තේ සිය  නිවසේ ජල අවශ්‍යතාව පිරිමසා ගැනීම සදහා එනම් සිය නිවසට සැතපුම් ගණනාවක සිට ජලය ගෙන ඒමටම කාන්තාවක් විවාහ කර ගැනීමය.

පැය ගණනක් තිස්සේ කිලෝ මීටර් 140 කට වඩා දුරක සිට කඳු බෑවුම් තරණය කොට විශාල පිරිසක් සමග පොර බැද,  ලිං පතුළකින් පුරවා ගත් වතුර කළගෙඩි හිස මත තබා ගෙන, ස්වාමියාගේ කාර්යයන් සදහා ජලය ගෙන ඒම මෙම ජල අඹුවන්ගේ කාර්යය වන්නේය.

භගත් ජල අඹුවන් තිදෙනෙකු සිටින දෙන්ගන්මාල්  වැසියෙකි ...බහු විවාහය ඉන්දියාව තුළ නීති විරෝධී වුවත් බිරින්දෑවරුන් තිදෙනෙකු සමග කල් ගෙවන භගත්ගේ කතාව අපූරුය. එමෙන්ම ඔහුගේ බිරින්දෑවරුන්ගේ කතාව දුක්බරය.. සිය ප්‍රථම විවාහයෙන් පසු දරුවන්ගේ කාර්යන් සමග කාර්ය බහුල වූ සිය බිරිදට තව දුරටත් නිවසයට ජලය රැගෙන එන්නට නොහැකි බව දැනුන භාගත් ගේ මීළග විසඳුම වූයේ නිවසේ කාර්යන් කර ගැනිම සදහා අවශ්‍ය ජලය රැගෙන ආ හැකි තවත් කාන්තාවක් සිය නිවසට කැදවා ගැනීම හා ඈ සිය දෙවන අඹුව බවට පත් කර ගැනීමයි. කලක් යද්දී වතුර ඇදීම නිසාම සිය දෙවන බිරිඳ ද වෙහෙසට පත්වන අයුරු දකින භගත් සිය තෙවන විවාහය සිදු කරනු ලබන්නේද නිවසට ඇති ජල අවශ්‍යතාව සපුරා ගැනීමේ ඒකායන පරමාර්ථයෙනි.

ජලය නිසා අන්ත පීඩාවට පත්ව සිටින කාන්තාවන්ට තම සැමියා ජලය ගෙන ඒමේ පරමාර්ථයෙන් තවත් අඹුවක නිවසට කැදවාගෙන ඒමට විරුද්ධ වීම ට කිසිසේත්ම නොහැකි වූයේ එසේ කළහොත් තම නිවසේ කටයුතු සදහා ජලය නොමැති වීම හේතුවෙනි. පැය ගණනක් තිසසේ සැතපුම් ගණනක් ගෙවා ගොස් මුළු දවසම ජලය ගෙන එ්මට කැප කරනවාට වඩා සිය සැමියාට තව අඹුවක සරණ පාවා ගැනීමට ඉඩ දීම ඔවුන්ට සැපක් වන්නට ඇත.

ජල බිරින්දෑවරුන් කිහිප දෙනෙකු සිටින පවුල්වල බොහෝවිට සිදු වන්නේ පළමු බිරිඳ දරුමල්ලන් බලා කියා ගනිමින් ගෙදර දොරේ කටයුතු කළමනාකරණය කර ගැනීමත් අනෙක් බිරියන් ජලය ගෙන ඒමේ කාර්ය කිරීමත්ය. මෙම ජල අඹුවන් බොහෝ විට දිනකට පස් හය වතාවක් සැතපුම් ගණනාවක සිට ජලය ගෙන ඒම ය.

මෙම ජල අඹුවන්ගේ ස්වාමීන් බොහෝ විට වයස් ගත පිරිමින්ය. මන්ද තමන්ට තවත් බිරිඳක් අවශ්‍ය බව ඔවුන්ට වැටහෙන්නේ සිය වත්මන් බිරිදට ජලය රැගෙන ඒමට තරම්  සෞඛ්‍ය මට්ටමක් නොමැති වූ විටය . එවිට ඔවුන් ගන්නා එකම තීරණය වන්නේ ජලය ගෙන ඒමේ කාර්යයෙහි ශක්තිමත් ජල අඹුවක් කැදවාගෙන ඒම ය.

දවස තිස්සේම ජලය ඇදීමේ කාර්යයේ නියැළෙන්නට සිදුවන අයට බොහෝ විට ඒ වෙනුවෙන් ලැබෙන්නේ තමන්ගේ කුස ගිනි නිවා ගන්නට ආහාර වේල් පමණි. ආහාර වේලද එතරම් සරුවට ඔවුන් වෙත නොලැබෙනවා යැයි සිතිය හැක්කේ බොහෝ පිරිමින් ආර්ථික වශයෙන් මනා ස්ථාවරත්වයක් නොමැති එදා වේල සොයා ගන්නා පිරිසක් බැවිනි.

පවුලේ දරුමල්ලන් හැරුණු විට වැඩිහිටි සාමාජිකයන් ම අවම සිව්දෙනෙක්වත් සිටින මෙම පවුල්වල කාත්තාවන්ට හොද ආහාර වේලක් ලැබෙනවාදැයි විශ්වාස නැත.
ඔවුන්ට ඇඳුම් පැළඳුම් ගැනද ලොකූ සිහින නැත්තේ ඔවුන්ව ජීවත් කරවන්නට ස්වාමියාට ඇති දුෂ්කරතා නිසාම ය.

 තමන්ට ලෙඩක් දුකක් වුවහොත් යන්න ගැන ඔවුන්ට ඇත්තේද පුදුමාකාර බියකි. ලෙඩක් දුකක් නොවී සිටීම ඔවුන්ට අභියෝගයකි. මන්ද අසනීප වුවහොත් තමන්ව විවාහ වීමෙන්  සිය ස්වාමියා තමන්ගෙන් බලාපොරොත්තු වූ එකම දෙය නිවසට ජලය සැපයීමේ භාරදූර කාර්ය තමන්ට මග හැරෙන්නේය. ඉන්පසු ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳේදැයි කිව නොහැක. මේ නිසා ඔවුන් අසනීප වීම නමැති සිතිවිල්ලට ද ඉතා බිය  ය. 

ජලය ගෙනෙන්නට යන අතරවාරයේ හමුවන වෙනත් කාන්තාවන් සමග කථා බහ කිරීම ඔවුන්ගේ ජීවිත වල එකම සතුට බවට පත් වී තිබේ.

වටපිටාවේ ගමක  සිට සිය ස්වාමියාට වතුර ඇද දෙන්නටම දෙංගල්මාල් වලට එන ජල අඹුවෝ  දීග ආ දා පටන්  තමන් ගෙන එන ජලය තරමටම දහදියද හෙළන්නෝය ... ඒ දහදිය මතින්ම ජීවිතයේ අවසන් සුසුම් හෙළන්නෝය.

මහාරාෂ්ඨයේ දෙංගල්මාල් වල පමණක් නොව සෑම දේශයකම සැම නිවසකම අන් සියල්ලන්ගේම ජීවිත සිය හිසට ගෙන ජීවත් වන ජල අඹුවෝ වෙසෙති... තම සේවයන්ට මිලක් .. ගෞරවයන් .. වටිනාකමක් නොලබාම ඔවුහු සිය ජීවිත ගෙවති...

අවසන තමන්ට නොලැබෙන සම අයිතිය .. යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන බව කියන සුළුතරයකගේ ප්‍රොපගැන්ඩාවන්හි  පෝස්ටර් සරසන පින්තූර ලෙස පමණක් ලෝකය හමුවේ වටිනාකමක් ලබා ඔවුන් සිය ජීවිත අවසන් කරති.

සැමියා වෙනුවෙන් දරදිය අදින මෙවැනි ‘ජල අඹුවෝ‘ මෙලොව කොතැනත් වෙසෙති. ඔවුන් ගත කරන ජීවිත වලට ‘ජීවිත‘ යැයි කියන්නට පුළුවන් නම්, ඒ ජීවිතවලට මරණය යැයි ද කියන්නට පුළුවන් බව ද ඔවුන් අපට කියනු නිසැක ය. 

- හංසනී සම්පත්

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැමියාට දර දිය අදින ඉන්දියාවේ ‘ජල අඹුවෝ‘
සැමියාට දර දිය අදින ඉන්දියාවේ ‘ජල අඹුවෝ‘
http://ift.tt/2gQ4nx4
https://i.ytimg.com/vi/A2hUccoj674/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_112.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_112.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy