කෙසේ වෙතත් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශ කරන පරිදි පවා රජය සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර ඇති බව සේනාරත්න මහතා කියා සිටියේය. මේ පිළි...
කෙසේ වෙතත් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශ කරන පරිදි පවා රජය සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර ඇති බව සේනාරත්න මහතා කියා සිටියේය. මේ පිළිබඳව අදහස් දක්වමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ ඉදිරි වසර දෙකක කාලය තුල මෙම ඉඩම් ගැටලුව විසඳිය හැකි බවයි. පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් කරමින් එම ඉඩම් නිදහස් කිරීම සිදු කරන බවත් නිදහස් කළ ඉඩම් ජනතාවට ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර දේශපාලන සිරකරුවන් පිළිබඳ මතුව ඇති ප්‍රශ්නකාරී තත්ත්වය පිළිබඳවද රාජිත සේනාරත්න මහතා අදහස් පළකළේය. අමාත්‍යවරයා පැවසුවේ අධිකරණ ක්‍රියාමාර්ග නොමැති සියලු දෙනා නිදහස් කළ යුතු බවයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS