වත්මන් රජය විසින් රැකියා ලක්ෂ හතරක් බිහිකර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(02) පැවසීය. උසස් පෙළ පන්තිවල සිසුන්ට ලබන වසරේ ස...
වත්මන් රජය විසින් රැකියා ලක්ෂ හතරක් බිහිකර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(02) පැවසීය.
උසස් පෙළ පන්තිවල සිසුන්ට ලබන වසරේ සිට ටැබ් පරිගණක ලබාදෙන බවද අගමැතිවරයා සඳහන් කළේය.
රටේ ආර්ථිකය ස්ථාවරභාවයට ගෙන එමින්, රටේ ආදායම වැඩිකිරීමට වත්මන් රජයට හැකිවූ බවත්, ණය ගෙවීමට හැකි ආකාරයේ ආදායමක් මේ වනවිට රට තුළ තිබෙන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ආර්ථිකයේ සුරක්ෂිතභාවය හේතුවෙන් රට තුළ මුදල් ඉතුරුවී තිබෙන බැවින් පසුගිය කාලය තුළදී පාසල් දියුණු කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම, නිවාස ලක්ෂ දෙකක් ඉදිකිරීම ආදි කටයුතු සිදුකළ බවද හෙතෙම මෙහිදී අනාවරණය කළේය.
අරලිගහ මන්දිරයේ පැවැති සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් අගමැතිවරයාවැඩිදුරටත් සඳහන් කළේ, මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවී ආණ්ඩුවක පිහිටුවන අවස්ථාවේදී ආර්ථික ශක්තියක් නොතිබුණු බවත්, ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් නොවුණු බවත්ය.
සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 2900ක් වෙන්කර තිබෙන බවත්,ඉදිරියේදී සෑම වර්ෂයකම එම වැඩසටහන සඳහා තවත් මුදල් ලබාදෙන බවත් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.
අධ්‍යපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේ, සිසුන් ලක්ෂ 42ක් සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහනට අයත් වන බවයි.
රක්ෂණයට යටත්වන සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම රජයේ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබාගැනීමේදී දිනකට රුපියල් 1000 ක්ද, රෝහලින් සැපයිය නොහැකි වෛද්‍ය පරීක්ෂණ හා ඖෂධ සඳහා රුපියල් 10,000 ක්ද,පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගැනීමේදී කාමර ගාස්තු සඳහා රුපියල් 30,000 ක්ද, වෛද්‍ය ගාස්තු සඳහා රුපියල් 30,000 ක්ද ලබාදෙන බවද හෙතෙම පැවසීය.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කථානායක කරු ජයසූරිය මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS