දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල් ඇතුළු අටකට ඇප 32 ක් යලි බන්ධනාගාරයට; සන්ධානයේ ප්‍රබලයෙක් නාමල්ට ඇප දීමට විරුද්ධ වෙලා - ඩලස්
Homeප්‍රවෘත්ති

නාමල් ඇතුළු අටකට ඇප 32 ක් යලි බන්ධනාගාරයට; සන්ධානයේ ප්‍රබලයෙක් නාමල්ට ඇප දීමට විරුද්ධ වෙලා - ඩලස්

PropellerAds

  රුසියාවේ පවත්වන ලෝක තරුණ සමුළුව සදහා ලැබුණු අරාධනා පුද්ගලික අරාධනා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ප්‍රබලයන් විසින් අධිකරණයට දන්වා ත...

බැඳුම්කරේ නිසා යහපාලනේට වෙච්චි දේ 20 නිසා මේ ආණ්ඩුවටත් අනිවාර්යයෙන් වෙනවා - මනෝ
19ට අපි අත ඉස්සුවේ 20ට අත උස්සන්න ඕනෙ නිසා - දයාසිරි
‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ ෆොන්සේකා කතාවට බාධා කෙරු චාමර සම්පත්ට සැරට අමතයි (video)
නාමල් ඇතුළු අටකට ඇප 32 ක් යලි බන්ධනාගාරයට; සන්ධානයේ ප්‍රබලයෙක් නාමල්ට ඇප දීමට විරුද්ධ වෙලා - ඩලස්

 

රුසියාවේ පවත්වන ලෝක තරුණ සමුළුව සදහා ලැබුණු අරාධනා පුද්ගලික අරාධනා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ප්‍රබලයන් විසින් අධිකරණයට දන්වා තිබුණු බවත් එය හුදෙක් විනෝද චාරිකාවක් වැනි එකක් බවට එහි අර්ථකථනය වී තිබු බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නමුත් මෙම තරුණ සමුළුව තරුණයෙකුට ලැබෙන ඉතාම දුර්ලභ, ඉතා වටිනා අවස්ථාවක් බවත් තමන් ද කියුබාවේ හවානා නගරයේ පැවති තරුණ සමුළුවකට සහභාගී වූ බවත් එවැනි දෙයකට දේශපාලන පක්ෂයක ප්‍රධානින් මේ අකාරයෙන් ලිපියක් අධිකරණයට හෝ පොලිසියට ඉදිරිපත් කර තිබුණේ නම් එක ලැජ්ජාවට මෙන්ම කණගාටුවටට කරුණක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ නිතිඥ ප්‍රේමනාත් දොලවත්ත ප්‍රකශ කර සිටියේ ප්‍රදේශයේ සිටින සන්ධාන මහලේකම් වරයා මෙම තරුණ සම්මේලනයට යන ගමන හුදු පුද්ගලික ගමනක් බව පවසමින් ඒවා තුබූ ලිපිය ඉවත දමා අධිකරණය එය විශ්ලේෂනය කර  කරුණු අනාවරණය කරගෙන  නිවැරදි තීරණයක් ගෙන රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළුව සදහා සහභාගී වීම සඳහා නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රී වරුන් තිදෙනා හට ඇපලබා දුන් බවයි .

එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කල විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිදු ලිපියක් හෝ එකම අත්සනක් හෝ යවා නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එවැනි ලිපියක් යවන්නේ නම් තමන් හෝ ජනාධිපති වරයා අත්සන් කල යුතු බවත්ය .'' වෙන කවුරුහරි යවලා තියෙනවද කියලා මම දන්නේ නැ, නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඒ වගේ ලිපියක් යනවනම් මම හෝ ජනාධිපති තුමා දැනුවත්ව තමයි යවන්න ඕන. එහෙම ලියුමක් යවන්න අපි ඉල්ලීමක් කරලත් නෑ" යනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේය. කෙසේනමුත් තමන් ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස් කරගෙන කිසියම් අයෙකු මෙවැනි දෙයක් කලාද යන්න පිළිබඳව පරීක්ෂණයක් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම සන්ධානයේ ප්‍රබලයන් රාශියක් සිටින බවත් ඒ අයෙකු මෙය කළේද යන්න තමන් නොදන්නා බවත් කෙසේවුවත් සියල්ල තමාගේ කර පිට පැටවීම බොහෝ අය විසින් සිදු කෙරෙන බවත් ඔහු කියා සිටියේය .

පසුගියදා හම්බන්තොටදී සිදු කෙරුණු උද්ඝෝෂනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අට  දෙනකු පමණක් අද (16) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ඇප මත නිදහස් කිරීමට නියෝග කෙරිණි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව, ඩී.වී.චානක, පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු පස් දෙනකුට  හට සුවිශේෂී කාරනා පදනම් කර ගනිමින් එක් අයකුට  ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප තුනක් මත  එසේ ඇප නියම කෙරිණි.

35 සහ 36 වන සැකකරුවන් වන නාමල් රාජපක්ෂ , ඩි වී .චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනාට හා 39 වන සැකකරුවන පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාළට රුසියාවේ පැවැත්වෙන  තරුණ සම්මේලනයක් සදහා  සහභාගී වීමට තිබීම යන සුවිශේෂී කරුණ පදනම් කර ගනිමින් ද  13 , 18 , 19 යන සැකකරුවන් අධ්‍යාපනය ලබන සැකකරුවන් බැවින් ඒ අයට අධ්‍යාපනික කාරණා මත ද තවත් එක සැකකරුවෙකුට ඔහුගේ විවාහ මංගල උත්සවය පදනම් කරගෙන ද 32 වන සැකකාරියට තම දරුවාට කිරි ලබාදිය යුතුය යන මානුෂිය කරුණ පදනම් කර ගනිමින් ද ඇප ලබාදුන් බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ චමින්ද සූරියපටබැඳි මහතා ප්‍රකාශ කර සිටියේය.

මේ අතර එම සිදුවීමට අදාළව බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර, මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු අනෙක් තිස්දෙදෙනා (32) ලබන 30වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි. 

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට, RN

 

bail 07

bail 06

bail 05

bail 04

bail 03

bail 02

bail 01

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල් ඇතුළු අටකට ඇප 32 ක් යලි බන්ධනාගාරයට; සන්ධානයේ ප්‍රබලයෙක් නාමල්ට ඇප දීමට විරුද්ධ වෙලා - ඩලස්
නාමල් ඇතුළු අටකට ඇප 32 ක් යලි බන්ධනාගාරයට; සන්ධානයේ ප්‍රබලයෙක් නාමල්ට ඇප දීමට විරුද්ධ වෙලා - ඩලස්
http://ift.tt/2yttuzh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/32_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/32_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy