පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය යට ප්‍රකාශයක් ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස් ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (22දා) නි...
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය යට ප්‍රකාශයක් ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස් ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (22දා) නියෝග කර තිබේ.
රුපියල් මිලියන 50ක් පමණ වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවසක් සහිත ඉඩමක් යෝෂිත රාජපක්ෂ විසින් ඩේසි ෆොරස්ගේ නමට මිලට ගෙන ඇති බවට හා ඒ සඳහා මුදල් ලැබුනේ කෙසේද යන්න පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට අද කියා සිටියේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඩේසි ෆොරස්ගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බවය.
මෙතෙක් පරීක්ෂණ ප්‍රතිපළ නීතිපතිවරයා වෙත යැවූ බවත් ලැබෙන උපදෙස් මත ඉදිරි කටයුතු අධිකරණයට වාර්තා කරන බවත් ඔවුන් අධිකරණයට කියා සිටියේය.
ඒ අනුව එතෙක් නඩුව බහා තැබීමට අධිකරණය තීරණය කළේය
COMMENTS