දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුංචි වොට්සන්ගේ ලොකු පරීක්ෂණ
Homeප්‍රවෘත්ති

පුංචි වොට්සන්ගේ ලොකු පරීක්ෂණ

PropellerAds

මගේ අම්මා ගුරුතුමියක්. එයා නිතර අපි තුන්දෙනා ගැන අවධානයෙන් හිටපු නිසා , ඉස්කෝලෙ  වගේම ගෙදරත් ඉස්කෝලයක සිරි ගත්තා. ඒත් අම්ම නිතර නිතර අධ්‍...

ලංකාව පොලිස් රාජ්‍යයක් අභියස! සරසවි ඇදුරන් 94ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි! (VIDEO)
කළුවරේ ළමයි ප්‍රසූත කරන්න වෙයිද? බිල ගෙවලා නෑ කියලා කාසල් රෝහලේ ලයිට් කපන්න සියල්ල ලෑස්තියි! එකපාරකුත් කොටසක කැපුවා!
මහ බැංකු අධිපති මීලග ජනාධිපති අපේක්‍ෂක... දැනටම කැම්පේන් අරඹලා (VIDEO)
පුංචි වොට්සන්ගේ ලොකු පරීක්ෂණ
මගේ අම්මා ගුරුතුමියක්. එයා නිතර අපි තුන්දෙනා ගැන අවධානයෙන් හිටපු නිසා , ඉස්කෝලෙ  වගේම ගෙදරත් ඉස්කෝලයක සිරි ගත්තා. ඒත් අම්ම නිතර නිතර අධ්‍යාපන වැඩ වලටම එහෙට මෙහෙට වෙන්න ගත්තාම අපිට ගෙදර ඉතින් “ ප්‍රින්සිපල් නිවාඩු ගියපු ඉස්කෝලෙ “ වගේ තමයි.
 
ඔන්න ඉතින් දෙසැම්බර් නිවාඩුව කියන්නෙත් ඒ වගේ කාලයක්. අම්ම දෙසැම්බර් නිවාඩුවට පේපර් මාකින් යනවා. අපි ඒකට කැමැති හේතු ගොඩක් අතරෙ ප්‍රධානම හේතු දෙකක් තියනවා. එකක් තමයි දෙසැම්බර් නිවාඩුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “නිවාඩුවක්“ වෙනේක. දෙක තමයි. අම්ම පේපර් මාකින් ගියාම මාසික පඩියට අමතරව ලැබෙන මුදල නිසා අපට කන්න අලුත් රසකැවිල්ලක් ලැබෙනේක.
 
ඔන්න ඉතින් අවුරුද්ද අන්තිමේ දී එහෙම දවසක් උදා වුනා. අම්ම ගියා පේපර් මාකින්. අපිට ඉතින් “නිවාඩුව“ ලැබුනා.... පොත කියවල හිතේ හොල්මන් කර කර හිටපු දෙයක් එළියට දාන්න කාලේ ආවා. විද්‍යාඥයෙකුට උනත් පරීක්ෂණයක් කරන්න “නිදහසක් “ ලැබෙන්න ඕනි.ඒකයි මමත් හිතේ නිදහසින් පරීක්ෂණ ටික කරල දාන්න මේ නිවාඩුවම තෝර ගත්තේ.
 
මම කලින් වරින් වර අවශ්‍ය දේවල් හොයල එක්කාසු කරන් හිටියෙ. වරින් වර අහල හොයා ගත්ත නිසා ගෙදරට වුනත් කිසි සැකයක් ඇති වුනේ නෑ.
 
“ පොටෑසියම් නයිට්‍රේට් “ , ඒ කියන්නෙ වෙඩි ලුනු , ගෙන්දගම්, සහ තවත් මොනවදෝ වගයක් තිබ්බා. අම්මගෙන් ඒ මොනාද කියල ඇහුවම එයා කීවේ “ වෙද සීයගෙන් ඉල්ල ගන්න “ කියලා.
 
 වෙද සීයා කියන්නේ තාත්තගෙ බාප්පට. එයා හරි ප්‍රසිද්ධ පාරම්පරික වෙද මහත්තයෙක්
 
ඉතින් තහකනියක් එහෙ ගිහිල්ලා අඩුම කුඩුම අරන් එනවා. 
 
ඒ ගෙනාපු දේවල් ඔක්කම පොතේ හැටියට අබරල , රෙදි ඔතන බටේකට පුරවල , ඉස්සරහට කෝන් ශේප් කාඩ්බෝඩ් එකක් එහෙම හයි කරලා හැදුවා රොකට්ටෙක....... ආය බලන්න ලස්සනයි 
 
හදල ඉවරුනාම ඉස්සරහින් ද පස්සෙන් ද පැත්තෙන්ද වටෙන් ද හැම ඈන්ගල් එහෙකින්ම රොකට් එකේ ලස්සන බලල ඉවරුනාම තිබ්බෙ රොකට් එකේ පස්ස පැත්තට ගිනි තියන්න විතරයි.
 
ඉතින් හිතේ හැටියට රස වින්ද රොකට් එකේ පස්ස පැත්තට ගිනි තියන ඒ  ඓතිහාසික  වෙලාව උදා වුනා.පොතේ නම් තිබ්බේ දිග කඹේක එල්ලල යවන්න කියල. කල්පනා කරල බැලුවම අපේ ගෙදර රෙදි වැල මේකට ගාණට හරියනවා.වැලේ දිග අඩි 20ක් 30ක් විතර. ඒ රෙදි වැලේ එක කෙළවරක් ජෑම් ගහෙත් අනිත් කෙළවර අල්ලපු ගෙදර නැන්දලගෙ බිත්තියෙ තමයි ගැට ගහල තිබ්බේ.
 
රෙදි වැල දිගේ කීප පාරක් එහා මෙහා ගියාට පස්සෙ හිතට දැනුනෙ “ මේ රෙදි වැල නම් හදල තියෙන්නේ මේ වැඩේටම තමයි “ කියලා.
 
එල්ලුවා රොකට්ටුව වැලේ. දැන් ඔක්කම සූදානම්. පත්තු කරා රොකට්ටුවේ පස්ස පැත්ත.ආය නිකම් නෙමෙයි. අවරෝහණ පිළිවලට ගාණට ගනන් කරලා.බින්දුවෙදි බින්දුව කියන්නෙ නැතිව ගනන් කරපු රිද්මෙටම රොකට්ටුවෙ පස්සට ගිනි තිබ්බා.
 
 
දුම්දාගෙන පත්තු වෙලා ගියා. අසරැ සැණින්....ඉතා වේගෙන්......වේගෙන් ............වේ...............ගෙන්ම....... දුම් දාගෙන්..............දුම් ......................... දාගෙන.......................
 
නැන්දලගෙ බිත්තිය දිහා...............................ටම ගිහින්
 
 
“ ඩූ.................................ම් “ ගෑවා විතරයි මතකයි.
 
වෙන මුකුත් අවුලක් නෑ. පොතේ හැටියටම වැඩේ හරි. සද්දෙ තමයි ඉතින් ටිකක් අවුල් ගියේ.ඒකයි මෙච්චර කට්ටිය පිරුනේ..... කොහොමත් ඉතින් හඳට රොකට්ටුව යවපු දවසෙත් කොච්චර නම් කට්ටිය පිරුන ද.... ඒ නිසා මේ සෙනඟ ඒ හැටි ගානක් නෑ..........
 
හවස ඉතින් අම්ම ආහම ටොකු පෝළිමකුත් හම්බුනා තමයි. ඒත් ඉතින් ඒ ටොකු වලට බැරි වුනා හඳට යවපු රොකට්ටුවෙන් ලැබුනු සතුට වලලල දාන්න...
 
ඒ පොතේ තිබ්බ ඔක්කම පරීක්ෂණ ටික ඒ නිවාඩු කාලේ ඉවර කරල දාන්න තරම් මම දක්ෂයෙක් වුනත් මේ රොකට්ටුවෙ වැඩෙන් පස්සේ , කරපු හැම පරීක්ෂනයක්ම පරිස්සමට කරන්න මට අවශ්‍ය ශක්තිය ලැබුනටත් වඩා මම පටන් අරන් තිබ්බෙම පොතේ තිබ්බ සද්දෙ වැඩිම පරීක්ෂනයෙන් වීම තමා ලොකුම ගැටළුවකට තිබ්බේ....
 
ඒත් මොක ද... පොතේ තිබ්බ හැටියටම , හිතේ තිබ්බ ඔක්කම පරීක්ෂණ ටික ඉවර කර ගන්න පුලුවන් වුනායින් පස්සෙ හිතේ බරක් නැතිව නිවාඩුව ඉවරෙලා ඉස්කෝලෙ යන්න ලැබුනෙකම මදැයි.
 
ප/සු - වොට්සන් ලොකු උනාට පස්සෙ කම්මලක වැඩට යනවා. නිකම් නෙමෙයි. අවුරුදු ගාණක් විශ්ව විද්‍යාලයක ඉගෙන ගෙන. යකඩ වලටම ආදරෙන් බැදිලා.යකඩත් එක්ක හරි අපූරු වැඩ කරන්න එයාට පුලුවන්. නමුත් යකඩ වලට වඩා මෘදු හිතක් තියන වොට්සන් ගෙ පුංචි කාලේ කියන්නෙ කතා මල්ලක්. ඒ කතා අහන්න මම හරිම ආසයි. ඒ විතරක් නෙමේ .ඒ කතා කියද්දි ඒ මූණ දිහා බලා ඉන්නෙක මම ආසා කරන දේවල් වලින් එකක්.
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුංචි වොට්සන්ගේ ලොකු පරීක්ෂණ
පුංචි වොට්සන්ගේ ලොකු පරීක්ෂණ
http://ift.tt/2yGpdGa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_999.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_999.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy