මියන්මාරයේ, රඛයින් පළාතේ වෙසෙන ඉස්ලාමීය ජිහාඩ් මූලධර්මවාදීන් මියන්මාර පොලිස් ස්ථාන 30කට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින් මි...
මියන්මාරයේ, රඛයින් පළාතේ වෙසෙන ඉස්ලාමීය ජිහාඩ් මූලධර්මවාදීන් මියන්මාර පොලිස් ස්ථාන 30කට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින් මියන්මාර රජය අරඹා ඇති සන්නද්ධ මෙහෙයුම් සමග 40,000ක පමණ රොහින්ග්‍යා ඉස්ලාමීය ප්‍රජාවක් අසල්වැසි බංග්ලාදේශය වෙත පළාගොස් තිබේ.
රොහින්ග්‍යා ඉස්ලාමීය ප්‍රජාව මියන්මාරය තුළ තම අයිතිවාසිකම් ඉල්ලා සිටියත්, මියන්මාර රජය අවධාරණය කරන්නේ මොවුන් බංග්ලාදේශයෙන් අනවසර සංක්‍රමණිකයන් ලෙස මියන්මාරයට ඇතුළු වී ඇති පිරිසක් බවයි.
නමුත්, රොහින්ග්‍යා ප්‍රජාව පවසන්නේ තමන් අරාබි වෙළෙන්ඳන්ගෙන් බිඳී ආ පරපුරක් බවයි. කෙසේ වෙතත්, රඛයින් පළාත තුළ ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ මූලධර්මවාදය හිස එසවීමත් සමග, මියන්මාරයේ බහුතර බෞද්ධ ප්‍රජාවට මෙන්ම, සෙසු ජනවර්ගවලට මෙම ජිහාඩ් සන්නද්ධ කණ්ඩායම්වලින් දැඩි තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇති බව මියන්මාර වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, එම පළාත් තුළ ජිහාඩ් ඉස්ලාමීය මූලධර්මවාදය දළුලා වැඩීම, සිය රටේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවද මියන්මාරය අවධාරණය කරයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව රොහින්ග්‍යා යනු ලෝකයේ වඩාත් අවාසනාවන්ත ජන කණ්ඩායමකි. මන්දයත්, ඔවුන් භාර ගැනීමට කිසිදු රාජ්‍යයක් කැමැත්තක් නොදැකීම හේතුවෙනි.
මේ වනවිට නෆ් ගංගාව තරණය කරමින් රොහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙකු බංග්ලදේශයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර, මියන්මාර පොලීසි වෙත එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඇරඹි සන්නද්ධ මෙහෙයුම හේතුවෙන් මේ දක්වා 400කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

COMMENTS