මෙම සුන්දර වූ වෙරළ තීරය සම්පූර්ණයෙන් විනාශයට ලක්වන ආයුරින් කැළිකසල, පොලිතීන් වැනි අපද්‍රව්‍ය වලින් පිරී ඉතිරි ගොස් හමාරය. රටේ මහ වංශය...
මෙම සුන්දර වූ වෙරළ තීරය සම්පූර්ණයෙන් විනාශයට ලක්වන ආයුරින් කැළිකසල, පොලිතීන් වැනි අපද්‍රව්‍ය වලින් පිරී ඉතිරි ගොස් හමාරය.
රටේ මහ වංශයෙන් ඩෙංගු කැන කතා කරද්දි පොලිතීන් ලන්ෂීට් ගැන මතවාද පලකරද්දි මෙවන් සුන්දරවූ වෙරළකට අත්ව ඇති ඉරණම සුළු පටු නැත. මිනිසුන්ගේ නොමිනිස් ක්‍රියාකලාපයන් වල අනිසි ප්‍රථිඵලයක් ලෙස ඉවක් බවක් නොතකා සිදුකරනු ලබන මෙම පාරිසරික සංහාරය නිසාවෙන් මේ වන විට උග්‍ර පාරිසරික ගැටළු රැසක් උද්ගතව ඇති බව දක්නට ලැබේ.
මෙම තීරය නැරඹීම සදහා විදේශීය සංචාරකයින් බහුතරයක් පැමිණෙන්නේ උඩප්පුව සිට කල්පිටිය දක්වා දිවෙන වෙරළ තීරය හුදෙකලාවට උරුමකම් කියන තෝතැන්නක් බවට පත්ව තිබීම නිසාවෙනි.
රටක විදේශිය අයෝජනය ඉහළ මට්ටමක පවතින්නේද සංචාරක කර්මාන්තය නගාසිටුවන්නේද මැවැනි ස්ථානයන් නිසාවෙනි නමුත් අද වන විට ඒවාට අත්ව ඇති ඛේදනීය ඉරණම නිසාවෙන් රටේ විදේශීය විනිමය සෘණාත්මක මට්ටමක පැවතීම තුලින් රටේ ආර්ථික දිනෙන් දින වලපල්ලට යමේ කල දසාව උදාවී හමාරය.
සටහන සේයා රූ පුත්තලම කේ.ප්‍රියංකර
COMMENTS