මහජන සෞඛය පරික්ෂක වරුන් 200 කට ආසන්න පිරිසක් විසින් වැඩ වරජනයක නිරත වෙමින් ඊයේ (13) යාපනය ටෙලිකොම් මන්සන්ධියේ සිට පන්නෙයි ප්රවදේශයේ පි...
මහජන සෞඛය පරික්ෂක වරුන් 200 කට ආසන්න පිරිසක් විසින් වැඩ වරජනයක නිරත වෙමින් ඊයේ (13) යාපනය ටෙලිකොම් මන්සන්ධියේ සිට පන්නෙයි ප්රවදේශයේ පිහිටි සෞඛ්ය් කාර්යාලය දක්වා විරෝධතා පෙලපාලියකින් ගමන් කරමින් කියා සිටියේ අදාල ස්ථාන මාරුවීම් ලබා දුන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පස්දෙනාගේ ස්ථාන මාරුකිරීම වහාම අවලංගු කරන ලෙසටත් හිග වැටුප් සියල්ලමද නැවත ලබා දෙන ලෙසත්ය.
විරෝධතා පෙලපාලිය අවසන් වූවේ පන්නෙයි සෞඛ්‍ය කාර්යාලයේදී උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඥානසීලන් ගුනසීලන් මහතා හමු වීමෙන් පසුවය.
එහිදී උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා විරෝධතා කරුවන්ට කියා සිටියේ මෙම මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුව ඇත්තේ තමන්ට පෙර සිටි සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතාගේ කාල සීමාවේ බවත් නමුත් අදාල ගැටලුව සම්බන්ධයෙන් තමන් අදාල නිලධාරීන් සමග සාකච්ඡා කොට ඒ පිළිබඳව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේද අවධානය යොමු කරවා ඉක්මන් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවත්ය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS