මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසි පරිදි සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මැෂින් පාර අයිනේ නවතා තිබෙන බවත් ගල් ගොඩ...
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසි පරිදි සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මැෂින් පාර අයිනේ නවතා තිබෙන බවත් ගල් ගොඩවල් ගොඩගසා තිබෙන බවත් එහෙත් ඉදිකිරීම් කටයුතු අවහිර වී ඇති බවත්ය. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳව එල්ල වන විවිද චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිළධාරීන්ගේ කරුණු විමසූ අතර එහිදී ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහා අතර උණුසුම් වාදයක් ඇතිවිය.
මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ටෙන්ඩර් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කළ සමාගමක ඉදිකිරීම් කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට යම් පිරිසක් උත්සාහ දරමින් සිටින බවයි. එයට පිළිතුරු දෙමින් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එහෙත් සියලු වගකීම් ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලය මගින් අනුමත කළ සමාගමට පමණක් බවයි.
අධිවේගී මාර්ග ඉදිකිරීමේදී පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් පසුගිය දිනවල දිගින් දිගටම මාධ්‍ය මගින් වාර්තා කළ අතර අසාධාරණයට පත්වූවන්ට නිසි පරිදි වන්දි ගෙවා නොමැති බවට ද චෝදනා එල්ල විය. මේ සම්බන්ධයෙන් විමසා බලා කිසිවෙකුටත් අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
COMMENTS