වෙනත් අමාත්‍යාංශයක් භාර ඇමැතිවරයකුගේ නියෝගයක් මත අධිසුඛෝපභෝගී මෝටර් රථ තිහක් මිලදී ගෙන ඇති ආනයන අපනයන පාලන ජනරාල්වරිය සහ එහි පාලකවරයා ...
වෙනත් අමාත්‍යාංශයක් භාර ඇමැතිවරයකුගේ නියෝගයක් මත අධිසුඛෝපභෝගී මෝටර් රථ තිහක් මිලදී ගෙන ඇති ආනයන අපනයන පාලන ජනරාල්වරිය සහ එහි පාලකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරුවලින් ඉවත් කොට අමාත්‍යාංශය වෙත අනුයුක්‌ත කිරීමට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරිය විසින් පියවර ගෙන ඇත.
ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව සඳහා නිසි අවසරයකින් තොරව විෂය භාර ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරිය දැනුවත් නොකොට මැස්‌ඩා ආර්. එම්. සෙවන් වර්ගයේ මෝටර් රථ තිහක් මිලට ගැනීමට මොවුන් අවසර දී තිබේ.
ඒ අනුව පාලන ජනරාල්වරිය සහ පාලකවරයා වහාම අමාත්‍යාංශයට අනුයුක්‌ත කිරීමට එම අමාත්‍යාංශ ලේකම්වරිය වන චාන්දනී විඡේවර්ධන මහත්මිය විසින් තීරණය කර ඇත.
විශ්‍රාමික විගණන කොමසාරිස්‌වරයකු යොදවා මේ පිළිබඳව ස්‌වාධීන පරීක්‍ෂණයක් සිදු කිරීමටද අමාත්‍යාංශ ලේකම්වරිය විසින් තීරණය කර ඇත.
(දිවයින)
COMMENTS