දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොව පුරා යොවුන් පරපුර වෙළා ගනිමින් පැතිර යන මාරක ඔන්ලයින් ක්‍රීඩාව
Homeගොසිප්

ලොව පුරා යොවුන් පරපුර වෙළා ගනිමින් පැතිර යන මාරක ඔන්ලයින් ක්‍රීඩාව

PropellerAds

මේ මාරක ක්‍රීඩාව ඩවුන්ලෝඩ් කරගත හැකි එකක් හෝ ඇප්ලිකේෂන් එකක් එනම් යෙදවුමක් මගින් පරිශීලකයන්ට ලබාගත හැකි එකක් නොවේ.  'F57' රහස් ...

මදුෂ්ට දෙන්න එවූ කුඩු කිලෝ 100 සමග ඉරාන යාත්‍රාවක් දකුණේදී අල්ලයි
Raigam Tele Awards 2018
කැනඩාවේ කතෝලික පල්ලියක දේව මෙහෙය අතර පියතුමන්ට පිහියෙන් ඇණලා
ලොව පුරා යොවුන් පරපුර වෙළා ගනිමින් පැතිර යන මාරක ඔන්ලයින් ක්‍රීඩාව
මේ මාරක ක්‍රීඩාව ඩවුන්ලෝඩ් කරගත හැකි එකක් හෝ ඇප්ලිකේෂන් එකක් එනම් යෙදවුමක් මගින් පරිශීලකයන්ට ලබාගත හැකි එකක් නොවේ.  'F57' රහස් ගෲප මඟින් සමාජ ජාලා වෙබ් අඩවි තුළට ඇතුල් වෙන මෙය  Als Ice bucket challenge , Harlem shake වැනි සමාජ වෙබ් අඩවි සංසිද්ධියක් වැනිය.
තවමත් 22 වියෙහි පසුවන පිලිප් බුදෙයිකින් නමැති, මනෝ විද්‍යාව හදාරන, විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු විසින් සාදන ලද මෙම මාරක සෙල්ලම මේ වනවිට ලොව පුරා මරණ 150කට පමණ දායක වී ඇති බව ඔබ දන්නවාද?
මෙම ක්‍රීඩාවේදී එක් එක් තරඟකරුවාට නිරීක්ෂකයෙක් ලබා දෙන අතර විවිධ දිනයන්හි සම්පූර්ණ කළ යුතු රාජකාරි 50ක් පවරයි. සෑම පවරන ලද කාර්‍යයක්අවසානයේම ඒවා කළ බවට තහවුරු කළ හැකි ඡායාරූපයක් අප්ලෝඩ් කිරීම කළ යුතුය. මුලින්ම ඉතා සරළ පහසු කාර්‍යයන් වලින් පටන් ගන්නා මාරක සෙල්ලම ටිකින් ටික අභියෝගාත්මක වෙයි. මුලින්ම හොල්මන් චිත්‍රපටයක් නැරඹීම, අවේලාවන්හි අවදි වීම වැනි ක්‍රියාකාරකම් වලින් ඇරඹි, ඉන් පසුව පාලමක් උඩ ඔලුවෙන් හිට ගැනීම, අත පය කපාගැනීම වැනි ක්‍රියාකාරකම් ඔස්සේ තමන්ටම හිංසා කරගැනීම, තමන්ගේම ලේ සොළවා ගැනීම දක්වා දිවෙන මෙම ඔන්ලයින් සෙල්ලමේ අවසානය, එනම් 50 වන අභියෝගය වන්නේ සිය දිවි හානි කරගැනීමේ අභියෝගයයි.. 
අභියෝග වලට කැමැති නව යොවුන් වියෙහි කොල්ලන් සහ කෙල්ලන් අභියෝග 49ක් ජයගෙන සිටින මානසික මට්ටමකින් තමන්ද නොදැනුවත්වම ටිකෙන් ටික තමාව මරණය කරා ගෙනයන ඔන්ලයින් නිරීක්ෂකයාට අවනත වීම සිදු වෙයි.
රුසියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ මේ මාරක සෙල්ලම නිසා 2016 වසරේදී එහි නිර්මාණකරු ලෙස සලකන පිලිප්ව ව අත්ඩංගුවට ගත් අවස්ථාවේ ඔහු කියා සිටියේ ඔහු කරන්නේ සමාජ සත්කාරයක් බවයි.! ඔහු පවසන අන්දමට ඔහු ජීව විද්‍යාත්මකව සමාජයට වැඩක් නැති ජීවීන්ව ලොවින් තුරන්කර, ලොව වැඩක් ඇති තැනක් කිරීමට උත්සාහ කරමින් සිටියි!!
මෙම අලුත් මාරකය නිසා රුසියාවේ නව නීති පවා සම්පාදනය වුුණු අතර වර්තමානය වන විට මෙහි අලුත්ම ගොදුරු රට වී ඇත්තේ අප අසල්වැසි ඉන්දියාවයි.. ඉන්දියාවේ තැනින් තැන වාර්තා වෙන සිය දිවි නසා ගැනීම් සීඝ්‍ර වශයෙන් වැඩි වෙමින් තිබෙන අතර ඒවාගෙන් වැඩි පිරිසක් යෞවනයන් ය.  ඔවුන් පරිඝණකයට ඇබ්බැහි වී සිටි, සමාජ ආශ්‍රය ඉතාම අඩු පිරිස්  බවට පසු අනාවරණ වලින් සොයා ගැනිණි.
පහුගිය සතියේ බදාදා තමිල්නාඩුවේ 19 හැවිරිදි විග්නේෂ් නම් තරුණයා සිය මදුරෙයි නිවසේ සිවිලිමේ එල්ලි ගෙල වැළලාගෙන මිය ගොස් සිටි අතර ඔහුගේ මේසය මත තිබී පොඩි ලියුම් කැබැල්ලක් සොයා ගන්නා ලදී.. එහි සදහන්ව තිබුණේ " You can enter it. But you can not exit the game"යනුවෙනි. ඔහුගේ  එක් අතක නිල් තල්මසෙකුගේ රුවක් කොටා තිබූ අතර ඔහු මාරක බ්ලූ වේල් ඔන්ලයින් ක්‍රීඩාවේ අවසන් අදියරේ සිටි අයෙකු බව ද ඉන්දීය තොරතුරු තාක්ෂණ ආයතනය පවසයි.
ඉන්දීය බුද්ධි අංශ මෙන්ම තොරතුරු තාක්ෂණ විශේෂඥයන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමු කර ඇති අතර රජය විසින්  සියලු ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සැකසුම් කරුවන් වන Google, Facebook, Whatsapp, Instagram,Yahoo, Microsoftආදීන්ට මේ මාරක සෙල්ලමට අදාළ වියහැකි ඕනෑම ලින්කුවක් අවහිර වන ආකාරයට සිය සැකසුම් වල ආරක්ෂිත බව තහවුරු කරගන්නා ලෙස දැනුම් දී තිබේ.
මෙහි අවදානම කොතෙකුද යත් මෙය Clash of Clan ඔන්ලයින් ක්‍රීඩාවට වඩා ඇබ්බැහිකර විය හැකි බවත් නිර්මාණශීලි සහ සිත් ළගන්නාසුලු ආකාරයේ ඉදිරිපත් කිරීමක් සමඟින් නව යෞවනයන්ගේ අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත ඉළක්ක කොටම සකසා ඇති ක්‍රීඩාවක් නිසා මෙයින් සිදු විය හැකි හානිය ඉතා ප්‍රබල බවට රුසියානු මනෝ විශේෂඥයන් අනතුරු ඇඟවීම්කරමින් මේ සම්බන්ධයෙන්  විග්‍රහ කොට තිබේ.
මේ වන විට ඉන්දියාවේ මේ බ්ලූ වේල් වසංගතය අලළා චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිත අතර එහි පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට එළි දක්වා ඇත. රන්වීර් කපූර්, ප්‍රීත්විරාජ් මෙන්ම කමල් හසන්ද රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය බ්ලූ වේල් ඔන්ලයින් මාරයා ගැන ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට හොඳ කතා සංකල්පයක් සමඟින් ළඟදීම එළි දැක්වේවි. එම චිත්‍රපටයේ නම ද  Blue Whale ය.
ලංකාවේ වීඩියෝ ගේම් පිස්සන් අභියෝග වලට හරිම ආස නිසාත්, අසල්වැසි ඉන්දියාවේ මේ වනවිට මේ වසංගතය පැතිර ඇති නිසාත් ලංකාවට මෙම ක්‍රීඩාව පැමිණීමට වැඩි ඉඩකඩක් ඇත. ලංකාව තරුණ පරම්පරාව සියදිවි නසාගැනීම්වලට ලක්වන ලෝකයේ අංක එකේ රටකි. ඔබ අප නොදන්නවා වුණාට දැනටමත් හොරෙන් හොරෙන් මෙම ක්‍රීඩාවේ නියැළෙන පිරිස් අප සමාජයේ සිටිය හැකිය... අවධානයෙන් සිටින්න!
මේ ඔන්ලයින් ගේම්ස් වලින් පවා මැරෙන්නට පොළඹවන යුගයකි.

-ඡවිනි අභයසිංහ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොව පුරා යොවුන් පරපුර වෙළා ගනිමින් පැතිර යන මාරක ඔන්ලයින් ක්‍රීඩාව
ලොව පුරා යොවුන් පරපුර වෙළා ගනිමින් පැතිර යන මාරක ඔන්ලයින් ක්‍රීඩාව
http://ift.tt/2ezpq9c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_73.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_73.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy