ලංකා බැංකුවට කළමනාකරණ සහකාරවරුන් බඳවා ගැනීම සඳහා පැවැති තරග විභාගයට ඉදිරිපත් නොවූ 150 ක කණ්ඩායමක් අදාළ විෂය භාර ප්‍රබල දේශපාලනඥයකුගේ මැදි...
ලංකා බැංකුවට කළමනාකරණ සහකාරවරුන් බඳවා ගැනීම සඳහා පැවැති තරග විභාගයට ඉදිරිපත් නොවූ 150 ක කණ්ඩායමක් අදාළ විෂය භාර ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් බැංකුවට ඇතුළු කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වේ.
මෙම තරග විභාගයට 75,000 ක පමණ අපේක්ෂකයන් පිරිසක් පෙනී සිට ඇති අතර, එයින් ඉහළ ප්‍රතිඵල ලබා ගත් 600 දෙනකුගේ ලැයිස්තුවක් විභාග දෙපාර්තමේන්තුව මඟින් ලංකා බැංකුවට එවා තිබේ.
එයින් තෝරාගත් 200 දෙනකු වාචික සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති අතර, එම සම්මුඛ පරීක්ෂණ අතරතුරදී මෙසේ විභාගයට පෙනී නොසිටි පිරිසකට අදාළ ලැයිස්තුවක් ලංකා බැංකු සභාපතිවරයා වෙත ලැබී ඇතැයි අනාවරණය වේ.
පගාවට රැකියාවක් ?
මේ අතර අදාළ තනතුරු සඳහා මේ ලැයිස්තුව සකස් කිරීමේදී මුදල් හුවමාරුවක් සිදු වී ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරන අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බැංකුවේ සාමාන්‍යධිකාරිවරයා පවසා ඇතැයි කියැවෙන්නේ අදාළ ලැයිස්තුව පැමිණ ඇත්තේ සභාපති කාර්යාලයෙන් බවයි.
තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවක් ද ඔහු පවසා ඇතැයි කියැවේ.
මේ අතර පසුගිය ආණ්ඩුව යටතේ සිදු වූ මෙසේ ලැයිස්තු මඟින් රැකියා ලබා දෙමින් සුදුස්සන් ඉවත් කිරීමේ ක්‍රමවේදය මේ ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් මඟින් ද ආරම්භ කිරීමට එරෙහිව අදාළ අසාධාරණයට පත් විභාග අපේක්ෂක-අපේක්ෂිකාවන් විසින් ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.
(කාශ්‍යප කොතලාවල)
COMMENTS