දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“සෙයිඞ් අල් හුසේන් රාජ්‍යතාන්ත‍්‍රික ගණිකාවක්’
Homeප්‍රවෘත්ති

“සෙයිඞ් අල් හුසේන් රාජ්‍යතාන්ත‍්‍රික ගණිකාවක්’

PropellerAds

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් පුටුවට යාමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සතුටු කරන රාජ්‍යතාන්ත‍්‍රික ගණිකාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වී...

වහාම ඇඳිරි නීතිය දාන්න! නැත්නම් අපේ ගෙවලුත් වටකරාවි! මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!
ගොඩබාන්න ඩොලර් නෑ.. ගෑස් නැවක් ආපසු යයි.. අවුරුද්දට ගෑස් නෑ…
ජනපති රට පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි! ගහපු ගැසට් නිවේදනය මෙන්න!

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් පුටුවට යාමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සතුටු කරන රාජ්‍යතාන්ත‍්‍රික ගණිකාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා..

"සරත් ෆොන්සේකා ඔහේ් කට ඇරලා ‘ජගත් ජයසූරිය යුද අපරාධ කළා’ කියලා කියන විට ඒක අහලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකාවට තර්ජනය කිරීමට පටන් අරන් තිබෙනවා. ‘ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වගවීම් යාන්ත‍්‍රණයකට යටත් කළ යුතුයි’ කියමින් තර්ජනය කිරීමට සෙයිඞ් අල් හුසේන්ට ඇති අයිතිය කුමක්ද? ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් පුටුවට යාමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සතුටු කරන රාජ්‍යතාන්ත‍්‍රික ගණිකාවක්. රට ගැන කිසිම වගවීමක් නැති මේ ආණ්ඩුව තමන්ට ප‍්‍රතිඋත්තර නොදෙන බව සෙයිඞ් අල් හුසේන් දන්නවා. තමන්ට ප‍්‍රතිඋත්තර දෙන රටක් හමුවේ නම් සෙයිඞ් අල් හුසේන් මේ විදියට කටමැත දොඩවන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ බලතල මේ සෙයිඞ් අල් හුසේන්ට කිසිසේත්ම නැහැ. නමුත් මේ සෙයිඞ් අල් හුසේන් කියන ‘එළුවා’ ශ‍්‍රී ලංකාවේ ‘නිවට පාලක කරනවෑමියෝ’ දැක්කාම අද තමන්ගේ රැවුල පාන තත්වයක් ඇති වී තිබෙනවා."

"දැන් අපට පැහැදිලියි කරන්න හදන දේ.  20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මතකර ගැනීමට හදනවා. අපි හිතනවා නීතිය නිවැරදිව ක‍්‍රියාත්මක වනවා නම් එය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරාවි කියලා. ඒක ලැබේවිද දන්නේ නැහැ. ඒ වගේම සැප්තැම්බර් 21 වැනිදා මේ අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත් කෙටුම්පත සම්මත කළාම විදේශ රටවල අධිකරණයන්හි පුද්ගලයන් අතුරුදහන් කිරීම්වලට අදාළව පවරන නඩුවලට අපේ රණවිරුවන් භාරදීමට ශ‍්‍රී ලංකා රජය නීත්‍යනුකූලව බැඳෙනවා. ඒ විතරක් නොවෙයි, ශ‍්‍රී ලංකාව තුළත් පුද්ගල අතුරුදහන් කිරීම් ගැන හොයන්න වෙනම මහාධිකරණයක් පිහිටුවීමේ ප‍්‍රතිපාදනයක් මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය පනතේ ඇතුළත් වෙනවා."

"මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත අතීතයට බලපාන්නේ නැති බව මංගල සමරවීර ඇමතිවරයා පැවසුවා. නමුත් ඒක සම්පූර්ණයෙන් බොරුවක්. ඒ බව මේ පනත් කෙටුම්පතේ කොතැනද සඳහන් වන්නේ? අතුරුදහන් වූවන් අතුරින් ප‍්‍රමුඛත්වය දෙන්නේ කාටද කියා තීරණය කරන්නේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය මගින්. නමුත් රතු අලිපැටව් තමන්ගේ ගැලවුණු රෙද්ද ඇඳගන්න හදන්නේ 80 දශකය අගභාගයේ අතුරුදහන් වූ ජවිපෙ සාමාජිකයන් ගැන මේ මගින් සොයා ගන්න පුළුවන් කියමින්. නමුත් බුද්ධිමත් ජනතාව සිතා බැලිය යුතුයි. රනිල් වික‍්‍රමසිංහ බටලන්ද වධකාගාරයේ ලොක්කා. එයා තමන්ගේ බෙල්ලට තොණ්ඩුවක් දමා ගන්න මෙහෙම පනතක් ගෙනෙන්නේ නැහැ. මේවා විශ්වාස කරන්න තරම් රතු අලි පැටවුන්ගේ සාමාජිකයෝ අද ගොන් තකතිරු මැට්ටන් බවට පත් වෙලාද?"

"අද මේ නානාවර්ණ ගන්වන ලද කල්ලිය රට පාවාදීමේ මෙහෙයුම මේ ආකාරයට ඉදිරියට රැගෙන එමින් තිබෙනවා. ඒ වගේම ලබන 21 වැනිදා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළ කෙටුම්පත ද අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ මගේ අතේ තිබෙන්නේ මෙච්චර කලක් නැහැ කියපු, යාවත්කාලීන කරන ලද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත (මාධ්‍ය වෙත පෙන්වයි) මේ කෙටුම්පත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරන ලද පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කර ගැනීමට නියමිතයි. ඉන් පසුව මේක අමාත්‍ය මණ්ඩලයට යනවා. එතැනදී යාවත්කාලීන කරලා ආපසු එනවා පාර්ලිමේන්තුවට. ඉන්පසු පාර්ලිමේන්තුව තුළත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළොත් ජනමත විචාරණයකිනුත් මෙය සම්මත කර ගැනීමටයි තිබෙන්නේ."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “සෙයිඞ් අල් හුසේන් රාජ්‍යතාන්ත‍්‍රික ගණිකාවක්’
“සෙයිඞ් අල් හුසේන් රාජ්‍යතාන්ත‍්‍රික ගණිකාවක්’
http://ift.tt/2xzKxQF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_596.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_596.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy