වැටුප් විෂමතා ඉවත් කර හයට එක අනුපාතයට වැටුප් තල සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 13 වනදා මෙම වැඩවර්ජනය දියත් කෙ...
වැටුප් විෂමතා ඉවත් කර හයට එක අනුපාතයට වැටුප් තල සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 13 වනදා මෙම වැඩවර්ජනය දියත් කෙරිණි. ඒ අනුව අද වැඩවර්ජනයේ සිව් වන දිනයයි.
මෙම සේවක වැඩවර්ජනය අසාර්ථක එකක් බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. අමාත්‍යාංශය පවසන්නේ විදුලි ජනනය සහ සම්ප්‍රේෂණය කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බවයි. අයහපත් කාලගුණ තත්වයත් සමඟ විදුලි සැපයුමට එල්ල වන බාධා මැඬපවත්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් සේවක වර්ජනය හේතුවෙන් අලුත්වැඩියා කටයුතුවල යම් ප්‍රමාදයක් දක්නට ලැබෙන බවත් අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
විදුලි බල සේවක වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍යවරයා අතර සාකච්චාවක් පසුගිය 14 වනදා පැවතිමුත් එය අසාර්ථක වූ අතර ඊයේ (15) විශ්‍රාමික සේවකයින් යළි සේවයට කැඳවීමට අමාත්‍යාංශය තීරණය කර තිබිණි.
COMMENTS