දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මතින් රට මුදාගැනීමේ අභියෝගය එස්.ටී.එෆ් වෙත පවරනවා" - අමාත්‍ය සාගල රත්නායක
Homeප්‍රවෘත්ති

"මතින් රට මුදාගැනීමේ අභියෝගය එස්.ටී.එෆ් වෙත පවරනවා" - අමාත්‍ය සාගල රත්නායක

PropellerAds

තමන් විශේෂ කාර්ය බලකාය වෙත අභියෝගයක් බාරදී තිබෙන බවත් ඒ   මත් උවදුරින් රට මුදාගැනීමේ අභියෝගය බවද නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ...

ඇදිරි නීතිය ඉවත් කලත් දිගටම New Normal යටතේ…
ගැටුම තදයි.. ශ‍්‍රීලනිප කිසිවෙක් නොඑයි.. බැසිල්-ශ‍්‍රීලනිප සාකච්චාව අවලංගුයි..
අහිතකර බැක්ටීරියා සහ වෛරස් අඩංගු කාබනික පොහොර ආනයනට තහනම් නියෝගයක් ඉල්ලා උසාවි යයි…

තමන් විශේෂ කාර්ය බලකාය වෙත අභියෝගයක් බාරදී තිබෙන බවත් ඒ මත් උවදුරින් රට මුදාගැනීමේ අභියෝගය බවද නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසිය.

කටුකුරුන්ද පුහුණු පාසලේ (01) දින පැවති විශේෂ කාර්ය බලකායේ 33 වැනි රණවිරු සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එහිදී රණවිරු ස්මාරකයට පළමුවෙන් පුෂ්ප උපහාර දැක්වීම අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් සිදු කෙරුණු අතර පසුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම්තුමා, පොලිස්පතිතුමා සහ සම්භාවනීය අමුත්තන් සහ දිවි පිදු පවුල්වල ඥාතීන් විසින් පුෂ්ප උපහාර දැක්වීම සිදු කරනු ලැබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ විශේෂ කාර්ය බලකාය මෙරට ආරම්භ කලේ ත්‍රස්තවාදය සහ කැරලි මර්දනය සඳහා විශේෂ පුහුණුව ලද පොලිස් කණ්ඩායමක් ලෙස බවයි. කැරළි මර්දනය යනු අද පවතින උද්ඝෝෂණ, පෙළ පාලි නොව රට තුල ඇතිවන කැරලි කොලහාල බව විශේෂයෙන් සිහිපත් කලයුතු බවයි  අමාත්‍යවරයා කියා සිටියේ. ඇතැම් අවස්ථා වලදී පැරා මිලිටරි කණ්ඩායමක් හෙවත් හමුදාමය පුහුණුව ලද නමුත් හමුදාමය නොවන කණ්ඩායමක් ලෙස විශේෂ කාර්ය බලකාය හැඳින්වූ බවද අමාත්‍යවරයා එහිදී සිහිපත් කළා.

දිවංගත රවී ජයවර්ධන මැතිතුමාගේ සංකල්පයක් මත ඔහුගේ නායකත්වය යටතේ ආරම්භ වූ විශේෂ කාර්ය බලකාය ඔහුගේ දරුවෙකු ලෙස ඔහු විසින් ගොඩනැගූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතෙකු උවත් ප්‍රසිද්ධ වේදිකාවට නොපැමිණ, ජායාරූප සහ කැමරා ඉදිරියේ පෙනී නොසිටීමෙන් ඔහු කැපවීමෙන් එම බලකාය ගොඩනැගූ බව අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළා.
විශේෂ කාර්ය බලකාය, විශේෂ කණ්ඩායම් යටතේ පුහුණුව ලැබූ අතර මෙම කටුකුරුන්ද පුහුණු පාසල එදත් අදත් දකුණු ආසියාවේ හොඳම පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන බවද අමාත්‍ය සාගල රත්නායක එහිදී කියා සිටියා.

ඒ කෙසේ වෙතත් විශේෂ කාර්ය බලකායට එදත් අදත් පැවරී තිබෙන රාජකාරිය සහ කාර්ය භාරයේ වෙනසක් නොමැති බවද පෙන්වාදුන් අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ එල්.ටි.ටි.ඊ. උවදුර වර්තමානයේ නොමැති උවත් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට මුහුණදීම සඳහා විශේෂ කාර්ය බලකාය සූදානම් කල යුතු බවයි. ඒ වෙනුවෙන් විශේෂ කාර්ය බක්ලකාය නවීකරණය කලයුතු අතර නව තාක්ෂනය හඳුන්වාදීමත් ඒ හා පැමිණෙන අභියෝගයන්ට මුහුණදීමටත් සූදානම් කලයුතු බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරට අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ තමන් විශේෂ කාර්ය බලකාය වෙත අභියෝගයක් භාරදී තිබෙන බවටයි. ඒ මත් උවදුරින් මේ රට මුදාගැනීමේ කටයුත්ත බව සඳහන් කල අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මේ වන විට ශ්‍රී ලංකාව යුද්ධයෙන් පසු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා විශාල මුදල් ප්‍රමාණයක ගනු දෙනු සිදුවෙන අතර ඒ හරහා පාතාලය මෙන්ම ත්‍රස්තවාදයද පැතිරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. එම නිසා මෙම උවදුරින් රට බේරාගනිමින් එය මැඩ පැවැත්වීමේ ප්‍රධාන මෙහෙයුම්කරු ලෙස විශේෂ කාර්ය බලකාය වෙත එම අභියෝගය භාරදෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ වෙනුවෙන් සංවිධානාත්මක අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය නාශක කොට්ඨශ දෙක එක් කරමින් නව දිසාවක් ශ්‍රී ලංකා පොලීසිය තුල ඇති කල අතර එහි වගකීම විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්.ලතීෆ් මහතා වෙත පැවරූ බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
මෙම නව දිසාවට කිසිදු බලපෑමක් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති අතර මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේ පුර්ණ වගකීම ඔවුන්ට බාරදී ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළා.

පසුගිය යුද සමයේ නැගෙනහිර පළාත ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමේ අභියෝගය විශේෂ කාර්ය බලකාය වෙත පැවරූ අවස්ථාවේදී එය විශිෂ්ට අයුරින් ඉටු කල එම බලකායට මෙම අභියෝගයත් බාරදෙන බවත් මෙම මත්ද්‍රව්‍ය පිළිලයෙන් රට ගලවා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

මෙම උත්සවයෙන් අනතුරුව දිවංගත රවී ජයවර්ධන මහතාගේ ජායාරූපයක් නිරාවරණය කිරීම සහ සමීප සටන් සරඹ පුහුණු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවද අමාත්‍ය සාගල රත්නායකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.  

මෙම අවස්ථාවන්ට විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘ දිවංගත රවී ජයවර්ධන මහතාගේ බිරිඳ වන ජෙලනි ජයවර්ධන මහත්මිය සහ පුතණුවන් වන අම්රිත් සහ රුක්ෂාන් ජයවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ. ඊට අමතරව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු සම්භාවනීය අමුත්තන් මෙන්ම දිවංගත රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මතින් රට මුදාගැනීමේ අභියෝගය එස්.ටී.එෆ් වෙත පවරනවා" - අමාත්‍ය සාගල රත්නායක
"මතින් රට මුදාගැනීමේ අභියෝගය එස්.ටී.එෆ් වෙත පවරනවා" - අමාත්‍ය සාගල රත්නායක
http://ift.tt/2goK08Z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_52.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_52.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy