දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුලි බිල වැඩිකරන්නැයි ඉන්ජිනේරුවන්ගෙන් ඇමතිට ඉල්ලීමක් !
Homeප්‍රවෘත්ති

විදුලි බිල වැඩිකරන්නැයි ඉන්ජිනේරුවන්ගෙන් ඇමතිට ඉල්ලීමක් !

PropellerAds

  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය ප්‍රකාශ කරන්නේ මෙම අවස්ථාවේදී විදුලිබිල වැඩි කිරීමට තමන් ඉඩ නොතබන බවත් විදුලිබල මණ්ඩලයේ ක්...

කළුතරින් තවත් කතාවක් එළියට එයි! ඒ පාර ගණිතය උගන්වන සර් කෙනෙක් සිසුවියන් 16 දෙනෙක් අපයෝජනය කරලා!
එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරුවේදී අහන්න පටන් ගනී! ඩොලර් මිලියන 250ක් අල්ලස් ගත් බව කියන ‘චාමර ගුණසේකර’ත් එයිද?
ආණ්ඩුවට සහය දෙනවාද? සජබ තීන්දුවක් ගනී! සජිත්ට බලය පවරයි! ජනපති අපේක්ෂකත්වය ගැනත් තීන්දු කරයි
විදුලි බිල වැඩිකරන්නැයි ඉන්ජිනේරුවන්ගෙන් ඇමතිට ඉල්ලීමක් !

 

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය ප්‍රකාශ කරන්නේ මෙම අවස්ථාවේදී විදුලිබිල වැඩි කිරීමට තමන් ඉඩ නොතබන බවත් විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මක වන විදුලි මාෆියාව සහ වංචා, දූෂණ පිළිබඳව තවදුරටත් රට හමුවේ කරුණු හෙළිකරන බවත්ය. එයින් නොනැවතී තමන් අධිකරණය හමුවටත් යාමට බලාපොරොත්තු වන බව ද එම ව්‍යාපාරය ප්‍රකාශ කර සිටී. 

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පසෙකලා විදුලිබල මණ්ඩලය අධි මිලට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිල දී ගනිමින් සිටින බවත් රජයේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ පෞද්ගලික බලාගාර මිල දී ගනිමින් සිටින බවත් පෙන්වා දෙන එම ව්‍යාපාරය මේවන විට විදුලිබල මණ්ඩලය විසින් කලම්බු බාච් බලාගාරය මිල දී ගෙන එය නඩත්තු කිරීම සඳහා අධික මුදලක් වැය කරමින් සිටින බව ද පෙන්වා දෙයි. 

එසේම ඇග්‍රිකෝ නම් ඇමරිකානු සමාගමෙන් ඒකකයක් රුපියල් 27 බැගින් විදුලිය මිල දී ගනිමින් සිටින බවත් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මාස 6ක් සඳහා එසේ විදුලිය මිල දි ගැනීමට කටයුතු කළ ද දැන් එය තවත් මාස 6කට දීර්ඝ කර ඇති බවත් මෙම සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ පසුගිය වසරේ විශ්‍රාම ගත් විදුලිබල මණ්ඩලයේ ම සාමාන්‍යාධිකාරී වරයකු බවත් පෙන්වා දෙන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය එය කෙතරම් සදාචාරසම්පන්නදැයි ප්‍රශ්න කරයි. 

මෙසේ අඩු මිල බලාගාර ඉදිකිරීමට අකුල් හෙළමින් වැඩි මිලට පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීම සහ කල් ඉකුත් වූ බලාගාර මිල දී ගැනීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය පත් වී ඇති උග්‍ර මුදල් අහේනිය පියවා ගැනීම සඳහා ඒකකයකට රුපියල් 3කින් මිල වැඩි කිරීමට යෝජනා කිරීම නින්දිත බව ප්‍රකාශ කරන එම ව්‍යාපාරය මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම දැනුවත්දැයි ප්‍රශ්න කර සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලි බිල වැඩිකරන්නැයි ඉන්ජිනේරුවන්ගෙන් ඇමතිට ඉල්ලීමක් !
විදුලි බිල වැඩිකරන්නැයි ඉන්ජිනේරුවන්ගෙන් ඇමතිට ඉල්ලීමක් !
http://ift.tt/2wQFbx5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_450.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_450.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy