දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සරත් නන්ද ඉල්ලන යුක්තිය සහ ඔහු රටට කර ඇති අයුක්තිය
Homeප්‍රවෘත්ති

සරත් නන්ද ඉල්ලන යුක්තිය සහ ඔහු රටට කර ඇති අයුක්තිය

PropellerAds

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව රටේ  ඕනෑම පුරවැසියෙකුට තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි හැඟෙන අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ...

මුස්ලිම් ජනතාව බදියුදීන්ට ගල් ගසා පන්නා දමයි
සිංහල බෞද්ධ උරුමය ගැන හැඟීමක් තියෙන්නේ සිංහල බෞද්ධයෙකුට පමණයි - දයාසිරි
සිංහල බෞද්ධ උරුමය ගැන හැඟීමක් තියෙන්නේ සිංහල බෞද්ධයෙකුට පමණයි - දයාසිරි
සරත් නන්ද ඉල්ලන යුක්තිය සහ ඔහු රටට කර ඇති අයුක්තිය

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව රටේ  ඕනෑම පුරවැසියෙකුට තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි හැඟෙන අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් පිළිසරණ පැතීමට අයිතියක් තිබේ. එමෙන්ම පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීම, අධිකරණය සතු මූලික වගකීමක් සේ සැලකීමේදී රටේ පුරවැසි අයිතීන් ආරක්ෂා කිරීම ද එම අයිතිය තහවුරු කිරීමේ වගකීම ද පැවරී ඇත්තේ අධිකරණයට ය. ඒ අනුව මේ රටේ  ඕනෑම පුරවැසියෙකුට ඇති එකී අයිතියට අප ගරු කළයුතුය. ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එමෙන්ම එකී අයිතිය හිමිවන්නේ රටේ වෙසෙන යුක්තිගරුක පුරවැසියන්ට පමණක් නොව යම් යම් සීමාවන්ට යටත්ව පාදඩයෙකුට පවා එම අයිතිය කිසිදු අඩුවකින් තොරව හිමිවන බව පිළිගත යුතුය. එහෙත් රටක අධිකරණයක් හමුවේ යුක්තිය ඉල්ලා සිටින මෙකී පෙත්සම්කරු පිළිබඳව සැලකීමේදී නීතිගරුක පුරවැසියන් ලෙස සිනහසිය යුතුද, හ`ඩා වැළපිය යුතුද නැතිනම් කෝපයෙක් මුර ගෑ යුතු ද යන ත‍්‍රිකෝටික ගැටලූවකට මුහුණ දීමට අපට සිදුවේ. 

අද දින මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇත්තේ කොළඹ 05, දාබරේ මාවතේ පදිංචි හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් නන්ද සිල්වා මහතා විසිනි. ප‍්‍රශ්නය පැන නගින්නේ එතැනදී ය. මක්නිසාද යත් සරත් නන්ද සිල්වා මහතා විසින් තම නිල බලය යොදා සිදුකර ඇතැයි සැලකෙන විෂමාචාර, බලය අයුතු ලෙස යෙදවීම්, අපරාධ සහයකයෙකු වීම සහ රටේ උත්තරීතර නීතිය හා උත්තරීතර අධිකරණය අවභාවිතා කිරීම වැනි කරුණු සැලකීමේදී එම සිදුවීම් වලට අදාළ වින්දිතයන්ට යුක්තිය ඉටුවූයේ නම් ඇතැම්විට මේ මොහොතේ දී සරත් නන්ද සිල්වා මහතා සිටිය හැක්කේ බන්ධනාගාරගතව ය. 
එසේ වුවත් ඒ නිසා අධිකරණය හමුවට පැමිණ ඔහුට වූ යම් අයුක්තියක් වී නම් ඒ සඳහා යුක්තිය ඉල්ලා සිටීමට සරත් නන්ද සිල්වා මහතාට ඇති අයිතිය අප කිසිසේත්ම ප‍්‍රශ්න කරන්නේ නැත. එහෙත් තම මූලික අයිතිවාසිකම් අහිමි වූ බවට කරුණු දක්වමින් රටේ එවකට සිටි අගවිනිසුරුවරයා ලෙස ඔහු හමුවට ආ අහිංසක පුරවැසියෙකුට සිදුවූයේ සිරබත් කන්නටය. ඒ සරත් එන් සිල්වා විසින් දෙන ලද අනීතික යැයි අභියෝගයට ලක්ව ඇති නඩු තීන්දුවක් හේතුවෙනි. ඒ අනුව මූලික අයිතිවාසිකම් පතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණි අහිංසක පුරවැසියෙකු සිරගත කළ ලෝකයේ එකම විනිශ්චයකාරවරයා ලෙසට ද ඇතැම්විට සරත් එන් සිල්වා නාමය ඉතිහාස ගතවනු ඇත. එහෙත් අද ඔහු යුක්තිය ඉල්ලා සිටී. අප සිනාසිය යුතු ද? හැ`ඩිය යුතු ද තීරණය ඔබ සතුය. 

එමෙන්ම තමන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස සිටියදී තමා හමුවට පැමිණි එක්තරා නඩුවක් විනිශ්චය කිරීමේදී පුද්ගල ලැදියාවන් මත අදාළ චූදිතයා නිදහස් කළ බව ප‍්‍රසිද්ධියේ පිළිගත් ලොව ඉතා දුලභ ගණයේ විනිශ්චයකාරවරයෙක් ලෙසටද සරත් එන් සිල්වා මහතා හඳුන්වා දියහැකිය. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වීමට පෙරදී ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු බවට පත්වීමෙන් පසුව ද එකම චෝදනාව දෙවරක් ඉදිරිපත් වූ දුලබ ගණයේ විනිසුරුවරයෙක් ලෙසට ද සරත් නන්ද සිල්වා මහතා හඳුන්වා දියහැකිය. ඒ දෙවාරයේදීම ඔහුට එරෙහිව මතුවූ එකම චෝදනාව වන්නේ අනාචාරයේ හැසිරීම පිළිබඳ චෝදනාවයි. 

ඒ සමගම තමන්ට එරෙහිව ඉදිරිපත් වූ නඩුවක් තමන් විසින්ම අසන ලද විනිශ්චයකාරවරයෙකු යන්න ඔහු තබා ඇති තවත් අපූරු ආකාරයේ වාර්තාවකි. එමෙන්ම රටේ අගවිනිසුරුවරයා ලෙස පත්වීමෙන් පසු අගවිනිසුරුවරයෙකු ලෙස පමණක් නොව නීතිඥ ලෝගුව දැරීමට පවා සරත් එන් සිල්වා මහතාට සුදුසුකම් නැතැයි යනුවෙන් නඩුවක් ඉදිරිපත් වී තිබිණ. 

එපමණක්ද නොව ස්ත‍්‍රී දූෂකයන් ආරක්ෂා කල බවට ද, එකී වින්දිත ස්තී‍්‍රන්ට ඒ තුළ බලවත් අගතියක් සිදුකළේ යැයි යන්නද ඔහුට එරෙහිව එල්ල වී තිබූ තවත් එක් චෝදනාවකි. ඒ සියල්ල අතරේ ඔහුට එරෙහිව එල්ල වී පැවති තවත් බරපතළ චෝදනාවක් වූයේ මිනීමරුවෙකු ආරක්ෂා කරගැනීම සඳහා ක‍්‍රියාකිරීමය, මිනීමැරුම් නඩුවක චූදිතයෙකු බව දැන දැනම එක්තරා පුද්ගලයෙකු අධිකරණ කාර්ය මණ්ඩලට එක්කර ගැනීමට කටයුතු කිරීම ද එකී චෝදනාව හා බැඳී තිබුණි. මෙකී සෑම චෝදනාවක්ම සැලකිය යුත්තේ බරපතළ චෝදනා ලෙසටය. ඒ අනුව එකී සියලූ චෝදනා පිළිබඳව අපක්ෂපාති, විධිමත් පරීක්ෂණයක් සිදුකර සරත් නන්ද සිල්වා මහතා නිවැරදිකරුවෙකු නම් ඔහු නිවැරදි කරන තුරු ඔහු වරදකරුවෙක් නොවියහැකි වුවත් අදාළ චෝදනා වලින් මතුකරන වගකීමෙන් ඔහු නිදහස් කළ නොහැකිය. 

ඒ අනුව සිය මූලික අයිතීන් ආරක්ෂා කරගැනීමට සරත් නන්ද සිල්වා මහතාට ඇති අයිතියට ගරු කරන අතරම ඔහුගේ වෘත්තීය භාවිතයන් හේතුවෙන් ද පෞද්ගලික මැදිහත්වීම් අනුව ද අගතියට පත්වී ඇති විශාල පිරිසකට යුක්තිය ඉටුකිරීමේ වගකීම ද මේ සමාජය සතුව තිබේ. යුක්තිය රජයන රටක් ලෙස මේ රටේ පැවැත්ම අපේක්ෂා කරන සියලූ දෙනා ඒ ගැන ද අවධානය යොමුකලයුතුය.
සුනිල් ජයසේකර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සරත් නන්ද ඉල්ලන යුක්තිය සහ ඔහු රටට කර ඇති අයුක්තිය
සරත් නන්ද ඉල්ලන යුක්තිය සහ ඔහු රටට කර ඇති අයුක්තිය
http://ift.tt/2xDLc2T
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_423.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_423.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy