2014 වසරේ සැප්තැම්බර් මස 01 වන දිනට පසු විශ්‍රාම ලබා ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාල සේවකයින් සහ රියැදුරන් වහාම සේවය...
2014 වසරේ සැප්තැම්බර් මස 01 වන දිනට පසු විශ්‍රාම ලබා ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාල සේවකයින් සහ රියැදුරන් වහාම සේවයට වාර්තා කරන ලෙස විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය ඉල්ලීමක් කළේය.
විදුලි පාරිභෝගිකයින්ට අත්‍යාවශ්‍ය විදුලි සේවාව අඛන්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශය පැවැසීය.
ඒ අනුව තමන්ගේ සේවය යලි විදුලිබල මණ්ඩලයට ලබාදීමට කැමති ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාල සේවකයින් සහ රියැදුරන් තමන් අවසන් වරට රාජකාරි කළ ස්ථානයට සේවය සදහා වාර්තා කරන ලෙස විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය ඉල්ලා ඇත.
COMMENTS