ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ලබන 27 වන දින බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන බවට තොරතුරු වාර්තා වන බැවින් එදින උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ප...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ලබන 27 වන දින බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන බවට තොරතුරු වාර්තා වන බැවින් එදින උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවටපත් ජනතාවගේ දුක සැප සොයා බැලීමට පැමිණෙන ලෙසත් SCFR 273/15 දරණ උමාඔය නඩුවට අදාලව වගාවන්දි ගෙවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2016.09.28 දින ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා වෙත ලබාදුන් නඩු නියෝගය හා උමාඔය විනාශය හා බැදුණු කරුණු පිළිබද සාකච්ඡාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුනේ කැඳවුම් කරු සමන්ත විද්‍යාරත්න මහතාගේ අත්සනින් ජනතාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යතුමා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා, සහන සැලසීමේ සම්බන්ධීකරණ කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂ (ජනතා සහන), ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ, බණ්ඩාරවෙල/ ඇල්ල/ හපුතලේ/ වැල්ලවාය/ හාලිඇල/ වැලිමඩ/ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම්වරුන්ටද පිටත් සහිතව යොමු කර ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ.
COMMENTS