රත්නපුර දිස්‌ත්‍රික්‌කයක් වශයෙන් සැලකීමේදී අඩු වයසේ පසුවන ගැහැනු දරුවන් ගර්භණී තත්ත්වයට පත්වීමේ අනතුරක් මතුව තිබෙන බව රත්නපුර මහ රෝහලේ ...
රත්නපුර දිස්‌ත්‍රික්‌කයක් වශයෙන් සැලකීමේදී අඩු වයසේ පසුවන ගැහැනු දරුවන් ගර්භණී තත්ත්වයට පත්වීමේ අනතුරක් මතුව තිබෙන බව රත්නපුර මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අංශ භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කාංචන උපසේන මහතා පවසයි.
වෛද්‍ය කාංචන උපසේන මහතා පෙන්වා දෙන්නේ ලංකාවේ වැඩිම වතු සංඛ්‍යාවකට උරුමකම් කියන රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වතු ආශ්‍රිත අධ්‍යාපන තත්ත්වය ඉතා පහළ මට්‌ටමක පැවතීමත්, සෞඛ්‍ය පහසුකම් ද අවම මට්‌ටමක පැවැතීමත්, මත්පැන් භාවිතය ඉහළ යැම හේතුවෙන් මෙම බරපතළ තත්ත්වයේ සමාජමය ගැටලු පැනනැගී තිබෙන බවය.
විවාහයට සුදුසු කාලයක් තිබියදී මෙලෙස අඩු වයසින් ගර්භණී තත්ත්වයට පත්වන දැරියන් සමාජයට මුහුණදීමට නොහැකි ප්‍රශ්න රැසකට පත්ව සියදිවි නසා ගැනීම ආදියද සිදුකර ගනී. මේ තත්ත්වය අද වතු ආශ්‍රිතව සුලබ වශයෙන් දැකගත හැකි සමාජ ප්‍රශ්නයක්‌ව පවතී. මෙයට විසඳුමක් ලබාදීමට විවිධ පාර්ශ්වයන් උත්තර සොයමින් සිටින බව වෛද්‍යවරයා මෙහිදී පැවසීය.
COMMENTS