සිද්ධිය ඇසින් දුටු අය ප්‍රකාශ කරන්නේ උමං දුම්රියක් මැදිරියක් තුළ සුදු පැහැති කුඩා බඳුනක් පුපුරා යනු දුටු බව සහ, දුම්රීය මගීන් බොහෝ දෙනා එ...
සිද්ධිය ඇසින් දුටු අය ප්‍රකාශ කරන්නේ උමං දුම්රියක් මැදිරියක් තුළ සුදු පැහැති කුඩා බඳුනක් පුපුරා යනු දුටු බව සහ, දුම්රීය මගීන් බොහෝ දෙනා එමගින් පිළිස්සුම් තුවාළ ලබා ඇති බවයි.
පිපිරීමට හේතු වූ බඳුනේ හෝ බෑගයේ ඡායාරූප ද මේ වන විට සමාජ ජාල වෙත මුදාහැර තිබේ.
තුවාළකරුවන් ගණන කොපමණදැයි තවම අවසාන වශයෙන් හෙළි වී නැත. කෙසේ නමුත් පිපිරීම සිදුවන අවස්ථාවේදී එම මගී දුම්රියේ මගීන් විශාල පිරිසක් සිටි බව ද වාර්තා වෙයි. අගමැතිනී තෙරේසා මේ, උද්ගතව ඇති තත්වය පිළිබඳව ආරක්ෂක බලධාරීන් සමග අද සවස විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත ය.
- අමාලි ජයවීර
COMMENTS