දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගූ කල්ලිය මෙන්න.
Homeප්‍රවෘත්ති

ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගූ කල්ලිය මෙන්න.

PropellerAds

හිටපු හමුදාපති ජගත් ජයසූරිය අට වසරකට පසු යුද අපරාධකරුවකු බවට චෝදනා එල්ල කළේ දකුණු අප්‍රිකාවේ පදිංචිකාරියක්‌ වූ යස්‌මින් සූකා නමැත්තියයි. ...

විශේෂ ගුවන් යානා හෝ එවා තම ජීවිත බේරාගන්න – මැදපෙරදිග ශ්‍රමිකයින් ඉල්ලයි
DS සිසුවෙකුටත් කොරෝනා.. රාජාංගනයේ, කොට්ටාව ධර්මපාල සිසුන් නිරෝධායනයට..
මං එජාප නායකයා වෙනවා.. මං එය ගන්නවා.. ඔබ පැත්තකට වෙන්න..- රනිල්ගේ මුහුණටම නවීන් කියයි..

හිටපු හමුදාපති ජගත් ජයසූරිය අට වසරකට පසු යුද අපරාධකරුවකු බවට චෝදනා එල්ල කළේ දකුණු අප්‍රිකාවේ පදිංචිකාරියක්‌ වූ යස්‌මින් සූකා නමැත්තියයි.

එහෙත් දකුණු අප්‍රිකානු රජයට සම්බන්ධ අප්‍රිකානු ජාතික කොංග්‍රසය බිහිසුණු යුද අපරාධ සිදුකර ඇත. හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ බිරිය වූ විනි මාන්ඩේලාටද යුද අපරාධ චෝදනා එල්ල විය.

එහෙත් යස්‌මින් සූකා බ්‍රසීලයට ගොස්‌ අප්‍රිකානු කොංග්‍රසයේ නායකත්වයට හෝ බෝතාගේ රජයට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළේ නැත.

එසේ වුවත් ජොහැන්ග්බර්ග් නුවර සිට ජාත්‍යන්තර සත්‍ය සහ යුක්‌තිය නමින් එන්. ජී. ඕ. සංවිධානයක්‌ පිහිටුවාගෙන සිටින යස්‌මින් සූකා කොටි ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුවක්‌ ලබාගෙන ඇත.

හිටපු හමුදාපති ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ඇය කටයුතු කළේ එම කොන්ත්‍රාත්තුව මතය. ඉන් වඩාත්ම සතුටට පත්වූයේ මෙරට ඩොලර් අරමුදල් ලබාගන්නා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ය. යුද හමුදා බලධාරීන් විසින් හිටපු හමුදාපතිට එල්ල වූ යුද අපරාධ චෝදනා ප්‍රතික්‌ෂේප කළ අතර ඊට එරෙහිව එන්.ජී.ඕ. ක්‍රියාකාරියෙක්‌ ක්‍රියාත්මක විය.

රජයේ ගුවන්විදුලි සේවාවකට මෑතකදී රිංගාගත් එම එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයා හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනාව ඇතුළත් වාර්තාවක්‌ ප්‍රවෘත්තිවලටද ඇතුළත් කිරීමට ක්‍රියා කළේය.

මෙයට වසර ගණනකට පෙර ඉන්දුනීසියානු බලධාරීන් විසින් එරට ගුවන්තොටුපළකදී අත්අඩංගුවට ගෙන ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කළේ මොහු බව හෙළිවී ඇත. මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් ශ්‍රී ලංකා රජය එම යුද අපරාධ චෝදනා ප්‍රතික්‌ෂේප කරද්දී එන්.ජී.ඕ. කාක්‌කෙක්‌ට රජයේ ගුවන් විදුලි නාලිකාවක්‌ රජයේ තීරණයට එරෙහිව භාවිත කිරීමට ඉඩ ලැබීමයි.

මෙය පුදුමයක්‌ නොවේ. අද එම ගුවන්විදුලිය පාලනය කරන්නේද එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයෙකි.

එහෙත් මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ඡ් බුෂ්, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලේයාර් වැන්න වුන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන හඬ නගන්නේ නැත.

ටෝනි බ්ලේයාර්ට එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර අධිකරණය පැවසුවේ ඉරාක ආක්‍රමණය සිය විෂය පථයට අයත් නොවන බවයි.

එසේනම් ලතින් ඇමරිකාවේ අධිකරණවලට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකළ හැකිද?

ලතින් ඇමරිකාවේ රටවල් රැසක යුද අපරාධ දස දහස්‌ ගණනක්‌ සිදුවී ඇත.

කොලොම්බියාවේ පාර්ක්‌ ගරිල්ලා සංවිධානය යුද අපරාධ සිදුකර තිබේ. ඊට සමගාමීව පිරූ රාජ්‍යයේ ෂයිනින් පාත් සංවිධානයද යුද අපරාධ සිදුකර ඇත. එහෙත් මේ කිසිදු සංවිධානයකට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වූයේ නැත.

මේ තත්ත්වය මත කොටි හමුදා නායකයන් රැසක්‌ යුරෝපා රටවල ජීවත් වේ. මේ කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වී නැත.

එහෙත් ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව නඩුවක්‌ ගොනු කිරීමට යස්‌මින් සූකා කවුද?

මේ අන්දමටබොරු සාක්‍ෂි මත අප්‍රිකානු කොංග්‍රසයේ ක්‍රියාකාරීන්ට එරෙහිව නඩු ගොනු කිරීමට විදේශිකයෙක්‌ ක්‍රියාකළහොත් දකුණු අප්‍රිකානු ජනාධිපති ඡේකබ් සූමා ඊට ඉඩදෙනු ඇති බවට කිවහැකිද?

ඉන්දීය හමුදාවේ නිලධාරීන් ඇතුළු 600 කට එරෙහිව මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනා ඉදිරිපත් වූවත් ඒ කිසිවෙකුටත් එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ඉන්දීය රජය ඉඩදුන්නේ නැත.

ඇමරිකානු බලධාරීන් කුවේටය බේරා ගැනීම සඳහා දියත් කළ මෙහෙයුමේදී ඉරාක සෙබළුන් පණපිටින් කාන්තාරය තුළ වැළලූ බවට චෝදනා එල්ල විය. එහෙත් ගල්µa මෙහෙයුම දියත් කළ ඇමරිකානු හමුදා නායකයාට යුද අපරාධ චෝදනා එල්ල වූයේ නැත. එහෙත් වසර කිහිපයකට පෙර කොටි ත්‍රස්‌තයන්ගේ සාවද්‍ය සාක්‍ෂි මත යස්‌මින් සූකා සකස්‌ කළ වාර්තාවට තවත් අමුද්‍රව්‍ය ඇතුළත් කරමින් ජගත් ජයසූරියට එරෙහි නඩු වාර්තාව සකස්‌ කර ඇත.

එය තහවුරු වන්නේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එල්ල වූ චෝදනා මෙවර ජගත් ජයසූරියට එල්ල වීමයි.

මේ නිසා ඉදිරියේදී අපට තවත් හමුදා නිලධාරීන් රැසකට සාවද්‍ය වාර්තා මත යුද අපරාධ චෝදනා එල්ල වන අයුරු දැකගත හැකිය.

මේ අතර තවත් හිටපු හමුදාපතිවරයකු ද ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලකර ඇත.

මේ අනුව බලන කළ එකම කොටි ත්‍රස්‌තයෙක්‌වත් යුද අපරාධ සිදුකර නැත.

මේ නිසා හිටපු හමුදාපති සරත් ෆෙdන්සේකා තවත් හිටපු හමුදාපතිවරයකු වූ ජගත් ජයසූරියට එරෙහිව චෝදනා එල්ල කළේ පුද්ගලික කෝන්තරයක්‌ මතද?

මෙය පුදුමයක්‌ නොවේ. හිටපු මේජර් ජනරාල්වරයෙක්‌ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ගොස්‌ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකර ඇති බවට දිවුරුම් ප්‍රකාශයක්‌ ලබාදී ඇත.

එහෙත් ඔහු අද තානාපති ධුරයකට පත්වී තිබේ.

මේ අතර වව්නියාව ජෝසප් කඳවුරේ සිටි බව කියන කාන්තාවන් 17 ක්‌ හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව සාක්‍ෂි ලබාදී ඇති බවට හෙළිවිය. මොවුන් කොටි කාන්තාවන් වේ.

මේ කොටි කාන්තාවන්ගේ අනන්‍යතාවය යස්‌මින් සූකා හෙළිකර නැත. එසේ නම් එම කොටි කාන්තාවන් යුද අපරාධකාරියන් නොවේද?

එසේම රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය යුද අපරාධකරුවන් ලෙස ප්‍රකාශයට පත්කළ ලැයිස්‌තුවට හිටපු ජනාධිපතිනිය සහ හිටපු හමුදාපති සරත් ෆෙdන්සේකාද ඇතුළත් කර තිබුණි.

මේ බව නොදත් රජයේ ගුවන්විදුලි සේවාවට මෑතකදී රිංගාගත් එන්.ජී.ඕ. ක්‍රියාකාරියා වහසි බස්‌ ප්‍රකාශ කර ඇත.

ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අයවලුන් කොටි රූකඩය මෙන් ක්‍රියාකළ ද්‍රවිඩ සංවිධානයට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල නොකළේ මන්ද?

ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් 2009 වසරේ වසර 10 ක්‌ වූ කොලු ගැටයෙක්‌ද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන අයුරු අපි බලා සිටියෙමු.

මොහුට උතුරේ පදිංචිව සිටියේ කුමන ගමේද හෙළිකිරීමට පවා නොහැකි විය.

එහෙත් මේ තොරතුරු මෙරට ජනතාවට වසන් විය.

එහෙත් ලබන 11 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වේ. එහිදී කොටි හිතවාදී සංවිධාන 17 ක්‌ ශ්‍රී ලංකාවට සුපුරුදු පරිදි යුද අපරාධ චෝදනා එල්ල කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අපි මේ තොරතුරු හෙළිකරන විට විහිලුකාරයකුගේ නමක්‌ ඇති එන්. ජී. ඕ. ක්‍රියාකාරිකයකු කම්පනයට පත්වී ඇත.

මොහු රජයේ ගුවන්විදුලි සේවා කාර්යාලයේදී වහසි බස්‌ දොඩමින් දිවයින මානව හිමිකම් කාර්යාලයෙන් දොට්‌ට දමා තිබෙනවා. ආපසු මානව හිමිකම් කවුන්සිලය පැත්ත පළාතේ යැමට ලැබෙන්නේ නැහැ යෑයි කියමින් වහසිබස්‌ දොඩවා ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ට අතුල් පහරක්‌ දුන්නේය. ඒ හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව එල්ල වූ යුද අපරාධ චෝදනාව සම්බන්ධයෙනි. ශ්‍රී.ල.නි.ප. සංවත්සරය සමරමින් ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ කිසිදු රණවිරුවෙක්‌ ජාත්‍යන්තරයට ගෙන යැමට ඉඩ නොදෙන බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එන්.ජී.ඕ. සංවිධානවලට බැට දෙද්දී ජනාධිපති කාර්යාලයට සම්බන්ධව පිනට රැකියාවක්‌ ලබාගත් එන්.ජී.ඕ. ක්‍රියාකාරියෙක්‌ අසරණ තත්ත්වයට පත්විය.

පසුගිය කාලය මුළුල්ලේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පෙත්සම් යෑවූ මොහු එක වරම පැත්ත මාරුකළේය. ඔහු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය යුද අපරාධ බොරුවක්‌ පළකළ බව ප්‍රකාශ කර ඇත.

එහෙත් ඒ බොරුවට දායක වූයේ ඔහුගේ සටකපට සඟයා වූ ස්‌විස්‌ටර්ලන්තයේ පිං පඩි ලබන 1971 හිටපු කැරැල්ලේ හිටපු කැරලිකරුවෙකි.

ලැඡ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි යන කියමනක්‌ ඇත.

අද මොහු යුද අපරාධ බොරුවක්‌ බව කියා සිටී. එය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දියත් කළ බොරුවක්‌ බව මේ ඩොලර් කාක්‌කා පවසා ඇත. 

(කීර්ති වර්ණකුලසූරිය)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගූ කල්ලිය මෙන්න.
ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගූ කල්ලිය මෙන්න.
http://ift.tt/2wFDYZw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_222.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_222.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy