බොහෝ රටවල් නිෂ්පාදන ක්‍රියාවලිය හා ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් අධිවේගී මාර්ග වැනි මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරද්දී අපේ ර...
බොහෝ රටවල් නිෂ්පාදන ක්‍රියාවලිය හා ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් අධිවේගී මාර්ග වැනි මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරද්දී අපේ රටේ දේශපාලනඥයෝ ආර්ථික අරමුණු පසෙක තබා මෙවැනි සිල්ලර ව්‍යාපෘති වෙනුවෙන් මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරති.
තෙවන අදියර පෙරටම
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අදියර තුනක් යටතේ සකස් කර ඇති අතර මේ වනවිට කිරිඇල්ල ඇමතිවරයාගේ අවශ්‍යතා අනුව පළමු හා දෙවැනි අදියර ඉදිකිරීම් පසෙක තබා තෙවැනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටී. එයට හේතු වී ඇත්තේ පළමු හා දෙවන අදියර සඳහා ආයෝජනය කිරීමට එකඟව සිටි පාර්ශ්වයන් ඉන් ඉවත්වීම හේතුවෙනි.
පළමු අදියර සඳහා චීනය ආයෝජනය කිරීමට එකඟතාවය පළකර තිබූ නමුත් අපේ දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් චීනයේ එම අදහස වෙනස් වී තිබේ. එයට හේතුවී ඇත්තේ මීට පෙර චීනය විසින් ආයෝජනය කළ ව්‍යාපෘති අසාර්ථකවීම හා විරෝධතා එල්ල වීමයි. මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් සඳහා පරිසර වාර්තා සකස් කර නොමැති අතර චීනයේ අදහස වෙනස්වීමට එය ප්‍රධාන හේතුවක් වී ඇත.
දෙවැනි අදියර සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත්ව සිටින්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ලංකා බැංකුවයි. ඇමරිකානු ඩොලර් බිලියන 200 ක් ආයෝජනය කිිරීමට නියමිත අතර විදෙස් ආයෝජකයන් ආයෝජනය කිරීමට ඉදිරිපත් නොවීම නිසා කිරිඇල්ල ඇමතිවරයා දේශීය ආයෝජකයන් හරහා හෝ මුදල් ලබාගෙන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා උත්සාහ දරමින් සිටී.
තෙවැනි අදියර සඳහා ජපානයේ ටෝකියෝ-මිට්සුබිෂි බැංකුව ආයෝජනය කිරීමට නියමිතය. මේ සඳහා බැංකුව විසින් මුදල් ලබාදී ඇති අතර ඒ අනුව පළමු සහ දෙවන අදියරේ ඉදිකිරීම් පසෙක තිබියදී තෙවැනි අදියරේ ඉදිකිරීම් සිදුකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.
අසාර්ථක ටයිසේ කෝපරේෂන්
පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ජපානයේ ටයිසේ කෝපරේෂන් සහ ෆුජිටා කෝපරේෂන් යන සමාගම් දෙක ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ අතර ෆුජිටා සමාගම ටයිසේ සමාගමට වඩා මිලියන 12 අඩුවෙන් ලංසු තබා තිබිණි. කෙසේ වෙතත් කිරිඇල්ල ඇමතිවරයා සිය තනි කැමැත්තට ටයිසේ සමාගමට ඉදිකිරීම් කටයුතු පවරා තිබේ. ටයිසේ කෝපරේෂන් සමාගම ජපානයේ සිදුකළ අසාර්ථ ව්‍යාපෘති හේතුවෙන් අසාදු ලේඛනගත (Blcklist) කොට ඇති සමාගමක් බවයි වාර්තා වන්නේ. එම සමාගම විසින් ජපානයේ ඉදිකළ අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් අසාර්ථක වී ඇති අතර ඒ කිසිවක් නොසලකා ඉදිකිරීම් කටයුතු ටයිසේ සමාගමට ලබා දී ඇති අතර කිරිඇල්ල ඇමතිවරයා කටයුතු කර තිබේ. මෙම තීරණයට අගමැතිවරයා ඇතුළු ආර්ථික කමිටුවේ ද විරෝධය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ටෙන්ඩරය ටයිසේ සමාගමට හිමි වුවද ඉදිකිරීම් කටයුතු සඳහා ෆුජිටා සමාගම මැදිහත් වන බව කිරිඇල්ල ඇමතිවරයා ද පිළිගෙන තිබේ. අඩු ලංසුවක් තැබූ ෆුජිටා සමාගම වෙනුවට වැඩි ලංසු තැබූ ටයිසේ සමාගමට ටෙන්ඩරය ලබාදීමට කටයුතු කළ ඇමතිවරයාම ඉදිරිකිරීම් කටයුතුවලදී ෆුජිටා සමාගම සම්බන්ධ කරගැනීමට එකඟ වී තිබේ.
COMMENTS