තංගල්ල මාවැල්ල ධීවර වරායේ ධීවරයින්ගෙන් නැඟෙන මැසිවිලි නිසා මේ පිළිබඳව සොයා බැලීමට ඊයේ (4) නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු ධීවර රාජ්‍ය අමාත්‍ය...
තංගල්ල මාවැල්ල ධීවර වරායේ ධීවරයින්ගෙන් නැඟෙන මැසිවිලි නිසා මේ පිළිබඳව සොයා බැලීමට ඊයේ (4) නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි ප්‍රකාශ කළේ ධීවරයින් සඳහා අවශ්‍ය සහන කඩිනමින් සලසා දෙන බවය.
එසේම වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ගතයුතු පියවර සහ පීඩාවට පත් ධීවරයින්ට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්චාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති අතර අදාල වෙරළ තීරය කඩිනමින් යථා තත්වයට පත් කරන ලෙසත් හානියට පත් යාත්‍රා අළුත්වැඩියාව සඳහා සහන ලබා දීම මෙන්ම ඔවුන්ට නැවත ධීවර රැකියාවේ යෙදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර දී ජීවන තත්වය නඟා සිටුවන ලෙසත් එහිදී රාජ්‍ය අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
- රාහුල් සමන්ත - හම්බන්තොට
COMMENTS