යාපනය මහාධිකරණයේදී මෙම නඩුවේ තීන්දුව අද (27) ප්‍රකාශයට පත් කෙරුණු අතර චෝදනා එල්ල වී තිබූ සැකකරුවන්ගෙන් පළමු හා හත්වැනි සැකකරුවන්ට එරෙහිව ...
යාපනය මහාධිකරණයේදී මෙම නඩුවේ තීන්දුව අද (27) ප්‍රකාශයට පත් කෙරුණු අතර චෝදනා එල්ල වී තිබූ සැකකරුවන්ගෙන් පළමු හා හත්වැනි සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන්, අන්නාලිංගම් ප්‍රේමශංකර්, මානික්කවාසගර් ඉල්චේලියන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගත් අතර පළමු හා හත්වැනි සැකකරුවන් හැර සෙසු සැකකරුවන් හත්දෙනාට එරෙහිව එල්ල වූ චෝදනා ඔප්පු වී ඇති බැවින් ඔවුන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවට තීන්දු කෙරිණි. මෙම නඩු තීන්දුව පිටු 320 කින් සමන්විත වේ.
COMMENTS