දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රු. 5000/= නෝට්ටුව අහෝසියි.
Homeප්‍රවෘත්ති

රු. 5000/= නෝට්ටුව අහෝසියි.

PropellerAds

මෙරට මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ව්‍යාජ මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය නොකිරීම හේතුවෙන් රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන ...

අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !
සජිත්ගේ මව හේමා දුරකතකනයෙන් රනිල් අමතයි.. සජිත් ගැන සහතිකයක් දෙයි !
සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළු 12ක් රිමාන්ඩ්

මෙරට මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ව්‍යාජ මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය නොකිරීම හේතුවෙන් රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බව රජයේ මුද්‍රණාලාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි මාස්පතා වාර්තා වන බවත් මෙම මාසයට අදාළව පමණක් එවැනි පැමිණිලි හතරක විමර්ශන සිදු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ. ඉකුත් මාස කිහිපයේ පොලීසිය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් පන්දහසේ නෝට්ටු තොග ගණනින් අත්අඩංගුවට ගෙන ඇත. මේ නිසා රුපියල් පන්දහසේ නෝට්ටු සම්බන්ධයෙන් දැඩි ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇත. රුපියල් පන්දහසේ නෝට්ටුවලට අමතරව තවත් නෝට්ටු කිහිපයක්ද ව්‍යාජ ලෙස මුද්‍රණය කර බෙදාහැර ඇති බවට සාක්ෂි පොලීසිය සොයාගෙන ඇත.

මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට හේතු වී ඇත්තේ ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාජ මුද්‍රණ වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය  (Counte Fieting Difference System) ශ්‍රී ලංකාව තුළ භාවිත නොකිරීමයි. අදාළ ක්‍රමවේදයට අනුව මුදල් නෝට්ටු ස්කෑන් කිරීම, ඡායා පිටපත් ගැනීම හෝ උපුටා ගැනීම කළ නොහැකිය. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති මෙම ක්‍රමවේදය දැනට ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂිතම ක්‍රමවේදය වන අතර එය ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගැනීම හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පොලිස් වංචා විමර්ශන ඒකකය පෙන්වා දේ.

වංචනිකයන් විසින් මුද්‍රිත මුදල් නෝට්ටු ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හඳුනා ගැනීම දුෂ්කර වන අතර එවැනි හඳුනා ගැනීම් තාක්ෂණය ඇත්තේ මෙරට බැංකු පද්ධතිය තුළ පමණි. මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ඒවායේ අනන්‍යතාව ආරක්ෂාකාරී බව හඳුනා ගැනීම සඳහා  Color, Watermarks, Security Thread, Micro Printing Federal Reserve Indicators, Serial Numbers නමැති තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරයි. සත්‍යය මුදල් නෝට්ටු ස්කෑන් කිරීම හෝ ඒ ආකාරයෙන්ම පිටපත් ගැනීම වළක්වනු ලබන්නේ Counte fieting Difference System ක්‍රමවේදය මඟිනි. මෙම ක්‍රමවේදය නොමැති බැවින් මෙරට මුද්‍රිත ඕනෑම මුදල් නෝට්ටුවක් ස්කෑන් යන්ත්‍ර මඟින් පහසුවෙන් උපුටා ගැනීම කළ හැකිය.

මෙරට මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ බියගම ආයෝජන කලාපයේ පිහිටි De La Rue Lanka Currency Security Print (pvt) Ltd  සමාගම විසිනි. අදාළ සමාගම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය  (CDS) තවමත් අනුගමනය නොකරන බව දැනගන්නට ඇත.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ එවැනි පැමිණිලි විමර්ශන සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මියගෙන් කරන ලද විමසීමක දී ඇය කියා සිටියේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාසවල පැමිණිලි 4/5 වාර්තා වන බවයි. මාසයකට එක සිදුවීමක්වත් අනිවාර්යයෙන් වාර්තා වන බවත් මෙම තත්ත්වයට හේතුව මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ක්‍රමවේදය  (CDS) මෙරට තුළ තවමත් ක්‍රියාත්මක නොවීම බවත් ඇය කියා සිටියාය. උද්ගතව ඇති තත්ත්වය හමුවේ රුපියල් පන්දහසේ නෝට්ටුව අවලංගු කිරීමේ අවධානමක් මතුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රු. 5000/= නෝට්ටුව අහෝසියි.
රු. 5000/= නෝට්ටුව අහෝසියි.
http://ift.tt/2wQiWsR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/5000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/5000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy