20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් සියළු පළාත් සභා මැතිවරණ එක් දිනයක පැවැත්වීමටත් මෙතෙක් මැතිවරණ කොමිසම සතුව පැවති පළාත් සභා මැතිවරණ පැවැත්...
20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් සියළු පළාත් සභා මැතිවරණ එක් දිනයක පැවැත්වීමටත් මෙතෙක් මැතිවරණ කොමිසම සතුව පැවති පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ දින නියම කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීමත් යම් පළාත් සභාවක් නියමිත වසර පහට පෙර විසුරුවා හැරීමට සිදුවුවහොත් එය පාර්ලිමේන්තුව යටතට පැවරීමටත් යනාදී වශයෙන් සංශෝධන ඉදිරිපත් කෙරී තිබුණු අතර ඒවා පළාත් සභා ක්‍රමයට පක්ෂ සහ විපක්ෂ දෙපිරිසේම නොයෙක් නොයෙක් විවේචනයන්ට භාජනය වී තිබිණි.
කෙසේවෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයක් පැවැත්වීමට නියෝග කළහොත් ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුව මේ මොහොතේ කොහෙත්ම මැතිවරණයට පිවිසීමට දක්වන නොකැමැත්ත නිසා ව්‍යවස්ථා සංශෝධනය හකුළා ගැනෙනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
COMMENTS