2020 වසර වන විට දුම්කොළ වගාව සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසන...

2020 වසර වන විට දුම්කොළ වගාව සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.
සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් සිසු හෙද / හෙදියන් 1614 ක් පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රධානොත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී සිදු කල අතර එහිදි අමාත්‍යවරය අවධාරණය කළේ දුම්කොළ වගාවේ යෙදී සිටින අයට වෙනත් වගාවන් වෙත යොමු වීමට අවශ්‍ය මුල්‍යාධාර ලබා දෙන බවයි.
මේ අතර පැණි බීම වල අඩංගු සීනි ප්‍රතිශතය 6% කට වඩා වැඩි නම් වැඩිවන ග්‍රෑම් එකකට රුපියල බැගින් දඩ ගසන බවත් දැනටමත් ක්‍රියාත්මක ට්‍රැෆික් ලයිට් ක්‍රමය හේතුවෙන් ලොව ප්‍රධානම බහු ජාතික බීම සමාගමේ වෙළෙඳාම කඩා වැටුණ අතර 10%කින් එම බීම වල පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමටද ඔවුන්ට සිදු වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. එම තීන්දු ක්‍රියාත්මක වීමට පෙර ලොව ප්‍රධානම බහු ජාතික සමගම පවා කළ ඉල්ලීම් නොසලකා නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පසුබට නොවූ හෙයින් ඉදිරියේදීද මහජන සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව තීන්දු තීරණ ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කළේ.
COMMENTS