මේ දිනවල මහනුවර වන්වේ කරනු ලබන බවට සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ කතා බහක් නිර්මානය වී ඇත. පසුගිය වසරේ සාර්තකව මහනුවර නගරයේ රථවාහන සැලැස්ම වෙ...
මේ දිනවල මහනුවර වන්වේ කරනු ලබන බවට සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ කතා බහක් නිර්මානය වී ඇත.
පසුගිය වසරේ සාර්තකව මහනුවර නගරයේ රථවාහන සැලැස්ම වෙනස් කරමින් පාරවල් කිහිපයක් වන්වේ කරන ලද මුත් මහනුවර වෙලද සන්ගම් එකමුතුව එයට සිය විරෝදය පෑම හමුවේ එය නවතා දැමීමට සිදුවූ බව තතුදත් ආරන්චි මාර්ග පවසයි.
නැවතත් එවන් කතා බහක් කරලියට පැමිනීමත් සමග එම ආරන්චිය සමාජ ජාලා වෙත පලමුවෙන්ම මුදාහැර ඇති අයගෙන් අප විමසීමක් සිදු කරන ලදී.
ඒ අනුව ඔවුන් පවසා සිටියේ නගරය තුල රථවාහන සැලැස්ම වෙනස් වීමක් පිලිබදව කතා බහක් නිර්මානය කිරීමට හැකිවීම පිලිබදව තමන් සතුටු වන බවත්, එනමුත් මෙය එවැනි ආකාරයේ රථවාහන සම්බන්ද දෙයක් නොවන බවයි.
තවදුරටත් ඒ පිලිබදව විමසීමේදී ඔවුන් පැවසුවේ එය සන්ගීත ප්‍රසන්ගයක් බවයි. එක රාමුවකට හිරවී සිටින නුවර රසිකත්වය හා මානසික ලිහිල් වීමක් බලාපොරොත්තුවෙන් වෙසෙන පිරිස් එම තද්බදයෙන් මුදවා ගැනීමේ අරමුනින් මෙය සන්විදානය කර ඇත. ඒ සදහා ආත්මා ලියනගේ, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ සහ නදීක ජයවර්දන සහභාගි වන අතර සන්ගීතය නාද සන්ගීත කන්ඩායම මගින් සපයනු ලබයි.
නොවැම්බර් 11 වන දින මෙම ප්‍රසන්ගය දර්මරාජ විද්‍යාලීය ශ්‍රවනාගාරයේ සවස 6.30 පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් බවයි පැවසෙන්නේ.
ආන්දෝලනාත්මක ආරම්භයක් ලබා ගත් මෙම වන් වේ ප්‍රසන්ගය අවසානයද සියල්ලන්ගේ කතා බහට ලක් වන එතෙක් මෙතෙක් මහනුවරදි අත්විදිය නොහැකි වන වෙනස් වූ ප්‍රසන්ගය වනු නිසැකය.
COMMENTS